භාවිතාව බහුල වන විට හමුවන මිලග අභියෝගය වන්නේ බැහැර වීමද බහුල වීමය. Waste Electrical and Electronic Equipment (WEEE) Forum පසුගිය දා පවසා සිටියේ 2022 සැලකීමේදී 5.3 billion e-waste බැහැරවීමක් බලාපොරොත්තු විය යුතු බවකි. බර පතල බව පැහැදිලි කරන හදාරන්නන් පෙන්වා දෙන්නේ එක් දුරකථනයක් සාමාන්‍යයෙන් 9 millimeters ලෙසට සැලකුව හොත් මේවා එකිනෙක මත තැබූ විට 31,000 miles/50,000 kilometers දුරක් ගන්නා බවයි. එය සද මතට වන දුරින් 1/8 බවට පැහැදිලි කරන්නට කටයුතු කරනවා. එසේම මිහිමත වටිනා මූල ද්‍රව්‍ය ලෙසට සැලකෙන gold, copper, silver, palladium වැනි recyclable components රාශියක් සමග මෙවා භාවිතාකරන්නන්ගේ drawers, closets, cupboards නැතිනම් garages වැනි ස්ථාන වලට ‍රැස්වෙමින් තිබෙන්නට වැඩි ඉඩක් ඇති බවයි. October 14 දිනට යෙදෙන E-Waste Day දිනට සමාන්තරව මෙම දැනුවත්වීම ඔවුන් කර සිටිනවා.
Pubudu Siriwansa