Google Chrome ලොව තෙවන ස්තානයට වඩාත්ම භාවිතාවක් ලබන වෙබ් බ්‍රවුසරය වේ.  වේගය ආරක්ශිතබව මෙන්ම වැඩි හැකියා වපසරිය මෙම කැපී පෙනෙන අත්පත්කර ගැනීමට හේතූන් ලෙසට පිලිගැනේ.  Google ආයතනය පසුගියදා නිවේදනය කර සිටියේ තම බ්‍රවුසරය 2016 වන විට Microsoft මෙන්ම Apple වල මෙහෙයුම් පද්ධතිවල පැරනි සංස්කරන සදහා සහය දැක්වීම අවසන් කරන්නට සූදානම් වන බවයි. මේ අනූව Windows XP, Windows Vista, හා Mac OS X versions 10.6, 10.7, 10.8  යන සංස්කරන සදහා සහය දැක්වීම 2016 අප්‍රේල් වල වන විට අවසන් වන්නට මේ වන විට සැලසුම්ව ඇති බවටයි නිවේදනය වන්නේ. මව් ආයතනය විසින් සහය දැක්වීම අතහැර දැමුවද Xp වෙතට සහය දැක්වීම Google විසින් බහුල භාවිතය නිසාම තීර්නය කර තිබූ අතර Vista වෙතට සහය දැක්වීම microsot වෙතින් 2017 දක්වා සිදුවුවද අවම භාවිතාව තුල ඒ වෙතට සහය දැක්වීම අවසන් කරන්නට Google තීර්නය කර තිබෙනවා. Google වැඩි දුරටත් පැහැදිලි කරන්නේ දැනට වන සංස්කරනයන් අකංඩව ක්‍රියාත්මක වුවද ඒවා යාවත්කාලීන වීම අදී සහයන් නොලැබෙනු ඇති නිසා මෙනම් එම මෙහෙයුම් පද්ධති වෙතට සහය දැක්වීම මව් ආයතනය අත්හැර දමා ඇති නිසා වඩා නව මෙහෙයුම් පද්ධති සංස්කරන වෙතට පැමිනීම වඩාත් වැදගත් වනු ඇති බවය.