Google නිවේදනය කරන්නේ Google Chrome වෙතට Zero-day පිලිසකරයක් නිකුත්කර ඇති බවයි. මෙය මෙම වසර සදහා Chrome වෙතට නිකුත්වූ හත්වන zero-day පිලිසකරය ලෙසටයි ගනනය වන්නේ. Google පවසන්නේ මෙම අවසන් දුර්වලතාවය ඔස්සේ attackers ලා හට sensitive app data වෙතට පිවිසෙන්නට හැකියාවක් වු බවයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ Chrome desktop සදහා version number 107.0.5304.87/88 ලෙසට නව සංස්කරනය පැමින තිබෙන බවයි. භාවිතාකරන්නන් Settings ඔස්සේ ගොස් About Chrome වෙතට පිවිස මෙම patchය ලබා ගත හැකි අතර Chrome බ්‍රවුසරය relaunch කිරීමෙන් මෙම නව පිලිසකරය ඔබගේ බ්‍රවුසරය මත බලාත්මක කරගන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansaa