දෛනික ජීවිතය මතට පැමිනෙන දත්ත උපාංග සදහා වන ගැටලු අතර එය සමග අන්තර්ක්‍රියාකරන්නට වන සීමා ප්‍රධාන තැනක් ගනී. සරලව ගැටලුව පහදන්නේ නම් Apple Watch නැතිනම් Android Wear වල වන කුඩා මුහුනත සමග ස්පර්ෂය ඔස්සේ ලබා දෙන්නට හැකිවන විධාන ප්‍රමානය ඉතා සීමිත මෙන්ම අපහසු වීම කැපී පෙනෙයි. “Aria” යනු මේ සදහා පැමින ඇති විසදුමකි. උපාංගයේ band එකට සවිවන මෙම උපාංගය ඔස්සේ එයට gestures ආකාරයට ප්‍රදාන විධාන පහක් ලබා දෙන්නට හැකි වන අතර එය 20ක් දක්වා වර්ධනය කර ගන්නට හැකි වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. තවමත් වෙළඳ පොලට පැමින නැති මෙම උපංගය සංස්කරන දෙකකින් වන බවට තොරතුරු පැවසෙන අතර එකක් Bluetooth හැකියාව ඔස්සේ ප්‍රධාන උපාංගයට සම්බන්ද වන බවට පැහැදිලි කෙරෙනවා. Pebble Time සදහා සූදානම් වන අනෙක් සංස්කරනය ප්‍රධාන උපාංගයට සම්බද වන නිසා බ්ලු‍ටුත් හැකියාව හෝ අමතර බැටරි හැකියාව අනවශ්‍ය වනු ඇති බවටයි විස්තර වන්නේ.