රියදුරන් රහිත වාහනය එලබෙන දශකයේ වඩාත් ආකර්ශනීය වෙළඳ පොලක් නිර්මානය කරනු ඇති බවට හදාරන්නන් විවිධ ආකාරයෙන් මත පලකරමින් සිටී. දත්ත සැකසුම් හැකියාවේ තවත් අපූර්ව මංසලකුනකට හිමිකම් කියනු ඇති බවට පිලි ගැනෙන මෙම පැමිනිම සදහා අවධානය යොමු කර ඇති ආයතනය කිහිපයකි. ඉන් ප්‍රධාන තැනක් දත්ත ලොකයේ පතාක යෝධයෙකු බදු Google වෙතට හිමිවේ. මේ තර Concord, CA වලින් පලවෙන වාර්තාවක් සැලකරන්නේ Apple ආයතනයට හිමි self-driving car එකක ලෙසට සැක කල හැකි mysterious black van රථයක් තමන් මාවත් වල දකිමින් සිටින බවකි. ඔවුන් පවසන්නේ LiDAR system වලට සමාන කැමරා පද්ධතියක් මෙම වෑන් රථයේ වහලය මත සවිව ඇති බවක් පෙනෙන්නට වන බවයි. සමහර විටක Maps app දියුනු කිරීමක් හෝ creating a StreetView වැනි අංගයක් සදහා වන දත්ත එකතුකිරීමක් ද විය හැකි මෙම රථය සමහර විටක Siri smart car commands වැනි අංගයක් අත්හදා බලමින් සිටිනවා විය හැකි බවටත් අදහස් පලවනවා. කෙසේ වෙතත් Apple ආයතනය මේ පිලිබදව කිසිදු ප්‍රකාශයක් කිරීමෙන් වැලකී සිටින බවටත් එම වාර්ථා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.