Apple ආයතනය මෙම තෙවන කාර්තුව තුල App Store වෙන් නිසිලෙස නඩත්තු නොකරමින් සිටින Apps 540,000 පමන ඉවත්කරන්නට කටයුතු කර තිබෙන බවට වාර්ථා වනවා. Finbold වාර්ථා කරන්නේ ඔවුන් 24.79% ක ඇප් ඉවත්කිරීමක් සමග 2015 දී පමන ඇප් ස්ටෝවේ වූ 1,672,271 ටද වඩා පහලට පැමින ඇති බවයි. එමෙන්ම මේත් සමග Apple සමාගම තම App Store සක්‍යාත්මකව දෙවන තැනට පත්වන්නේ Google ලාගේ Play Store ව දරන App සංක්‍යාත්මකව 3,553,050 ට සාපේක්ශව වන අතර Amazon තෙවන තැනට එන්නේ 483,328 apps වාර්ථා කරමින් වනවා. Appleආයතනය April 2022 නිවේදනය කර සිටියේ සාධාරන කාලයකදී යාවත්කාලීන නොකරන Apps තම Store වෙන් ඉවත් කරන්නට කටයුතු කරන බවයි. එම ආයතනය 2022 දෙවන කාර්තුවේදී පමනක් 439,000 apps ඉවත්කරන්නට කටයුතු කර තිබුනා. එමෙන්ම Apps store වල වන Apps අතරින් 64% දෑවසරක් පුරාවට යාවත්කාලීනය නොවූ ඒවා බවටයි පැහැහිලි කරන්නේ. ආයතනය පවසන්නේ මෙම Apps ඉවත්කිරීම් දැනටමත් බාගතකරගෙන භාවිතාකරමින් සිටින devices වෙතට බලපෑමක් නොකරන බවයි.
Pubduu Siriwansa