පසුගිය වසරේ නොවැම්බරයේ Apple නිවේදනය කර සිටියේ තම Apple products සදහ අවශ්‍ය වන repairs බොහොමයක් සදහා භාවිතාකරන්නාහටම අවස්ථාව ලැබෙන Apple Self-Service සදහා කටයුතු සිදුවෙමින් තිබෙන බවයි. මේ වන විට එම ආයතනය තම Self-Service Repair program ක්‍රමයෙන් මුදා හරිමින් සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ පැරණි Apple උපාංග සදහා අවශ්‍ය parts තමන්ම මිළඳී ගන්නටත් තොරාගත් repairs තමන් විසින්ම අවසන් කරන්නට අවස්ථාව සලසා ලමින් සහය දෙන්නට එම ආයතනය සූදානම් බවයි. මේ වන විට මෙම සේවය Belgium, France, Germany, Italy, Poland, Spain, Sweden, UK වැනි රටවල් සදහා මුදා හැර තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ parts සදහා මිළ තම authorised repair specialists ලා සදහා සමාන වන අතර සමහර අවස්ථාවලදී පරණ උපාංග recycling එවිමෙන් තවත් මිළ අඩුවීම් ලැබෙන බවයි. එසේම toolkit ද rent පදනමින් ලබා ගන්නට හැකිව තිබෙන බව නිවේදනය වනවා. දැනට මේ සදහා තොරාගත් iPhone models මෙන්ම MacBook models ඔවුන් දක්වා සිටිනවා.
Pubudu Siriwansa