ප්‍රකට හැදෑරුම් ආයතනයක් පවසන්නේ 2022 අවසාන කාර්තුව සැලකීමේදී වඩාත් phishing attacks සදහා භාවිතාවූ වෙළඳ නාමය ලෙසට Yahoo තමන්ට ගනනය වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ සමස්ථ brand phishing attempts වලින් 20%ක්ම පමන YAHOO AWARD, Award Promotion, Award Center, info winning, Award Winning වැනි මාතෘකා යටතේ පැමිනි malicious phishing emails ඔස්සේ ලබන්නා හට දස දහස් ගනනින් ඩොලර් ගෙනෙන්නටසූදානම් බව හගවන්නන් වූ බවයි. DHL දෙවන තැනට පත්වන්නේ 16% ක හිමිත්වයක් සමග වන අතර Microsoft තෙවන තැනට පත්වෙන්නේ 11% ක් සටහන් කරමින් බවට පවසනවා. මෙම phishing attacks ඔස්සේ භාවිතාකරන්නන්ගේ පෞද්ගලික තොරතුරු මෙන්ම බැංකු තොරතුරු ලබා ගන්නට කටයුතු කර ඇති අතර තවත් විටක opening links ඔස්සේ malware බාගත වීම වලට කටයුතු කර ඇති බවටත් වැඩි දුරටත් පැහැදිලි කෙරෙනවා.
Pubudu Siriwansa