Apple පවසන්නේ 2025 වන විට 100%ක් ම සහතික වන recycled cobalt මට්ටමකට යන්නට තමන් සැලසුම් කර තිබෙන බවයි. 2022 වන විට Apple products අතර හතරෙන් එකක් Recycled cobalt මට්ටමට ගෙනෙන්නට තම සමත්වූ බව පවසන අතර එය පසුගිය වසර හා සැසඳීමේදී 13% ක ප්‍රගතියක් ලෙසටද ඔවුන් පවසා සිටිනවා. සමස්ථයයක් ලෙසට දුර්ලභ recycled මට්ටමේ earth elements භාවිතාව 2021දී 45%ක් ලෙසටත් 2022 දී එය 73% ලෙසට ඉහල නංවන්නටත් ඔවුන් සමත්ව ඇති බව පැහැදිලි කෙරෙනවා. Apple ආයතනය Austin වල Material Recovery Lab එකක් පවත්වාගෙන යන අතර 2019 සිට සැලකීමේදී cobalt පමනක් 11,000 Kg ක ප්‍රමානයක් old batteries වලින් recover කරන්නට සමත්වූ බවටයි ගනනය කරන්නේ.
Pubudu Siriwansa