පරිගණක වෛරස ගැන හොඳම කෙටි පැහැදිලි කිරීම Digital Destruction ලෙසට ගත හැක. ඔවුන් නිරන්තරයෙන් operating system vulnerabilities නැතිනම් මෘදුකාංග දුර්වලතා ඔස්සේ ආක්‍රමනයට කටයුතු කිරීම එහි ප්‍රධාන ලක්ෂණයයි. ලොව බහුලතම හානිකර කිහිපයක් සැලකූ විට Storm Worm ලොවපුරා මිලියන 10 පමන පරිගණක වෙතට හානීය කැඳවූ 2007 දී භාවිතයට පැමිනි බොහෝ විට Email Link එකක් ඔස්සේ පරිගණකය වෙතට එන්න සූදානමින් සිටින හානිකරයක් ලෙසට පිලිගැනේ. Conficker යනුද 2008 පමන සිට පැතිරෙන worm ආකාරයේ හානිකරයකි. මෙය ලොව පුරා මිලියන 15 පමන windows පරිගනක ආසාධිත කරන්නට සමත් වූ එකක් ලෙසටද Email මෙන්ම Facebook මෙන්ම Skype ඔස්සේ පැතිරෙන හානිකරයක් ලෙසටද පිලි ගැනේ. මෙය Keylogger එකක්ම් ලෙසට හැසිරෙමින් පහර දෙන්නා වෙතට ඔබගේ යතුරු පුවරු හැසිරීම් ගෙනයන්නට කටයුතු කරනු ඇත. 2009 සිට භාවිතයට පැමිනි Daprosy Worm ලොවපුරා මිලියන 20ක් පමන පරිගනක ආසාධිත කරන්නට කටයුතු කල Windows වල Safe Mode දක්වා ආක්‍රමනය කරන ඉවත් කිරිමට අපහසු හානිකරයක් ලෙසට පිලිගැනේ.
Pubudu Siriwansa