Cryptolocker වලදී සිදුවන්නේ ඔබගේ පරිගණකයේ වන ගොනු අනවසරව encrypts කර දැමීමය. මෙම ගොනු නැවත decryption කිරීම සදහා ඔවුන් bitcoins ඔසේ වන ගෙවීමක් බලාපොරොත්තුවේ. මෙම හානිකරයේ නවතම සංස්කරනය gamers දිසාවට වන බවටයි තොරතුරු හෙලි වන්නේ. මෙම Cryptolocker ransomware ව drive-by download attack ආකාරයට ක්‍රියාත්මක වීම සදහා භාවිතාකරන්නාව ආසාධිත අඩවියක් කරා ගෙන යමින් එම අඩවිය ඔස්සේ පරිගණකය වෙතට හානිකරය ස්ථාපනයට කටයුතු කෙරෙන අතර දැනට හඳුනා ගෙන ඇති පරිදි පරිගණක ක්‍රීඩා ගොනු වර්ග 185 (file extensions) සදහා මෙම හානිකරය ක්‍රියාත්මක වෙමින් ඇති බවටයි විස්තර කෙරෙන්නේ. Call of Duty, StarCraft, Diablo, Fallout, Minecraft, Assassin’s Creed, Half Life 2, Bioshock 2 වැනි ප්‍රකට මට්ටමේ ක්‍රීඩා රාශියක් සදහා මෙම ආසාධිතය ක්‍රියාත්මක වන අතර අදාල ක්‍රිඩා මෘදුකාංගය නැවත ස්ථාපනයෙන් වත් ආසාධනයෙන් ගැලවිය නොහැකි බවටයි පැහැදිලි වන්නේ. වැඩි දුරටත් සදහන් වන්නේ RPG Maker, Unity3D, Unreal Engine වැනි ක්‍රීඩා සංවර්ධන මෘදුකාංග ඉලක්කවන මෙම හානිකරයෙන් ඔස්සේ තමන්ගේ දත්ත අහිමිවීම වලක්වා ගැනීමට හැකි හැම විටම භාහිර දෘඩ තැටියක් ඔස්සේ backup එකක් තබා ගැනීම වැදගත් වන බවයි.