තොරතුරු ලෝකයේ නිරන්තර චලනය විසිතුරුය.බොහෝ මිනිස් අත්පත්කර ගැනීම් පරයන ගැබුරු අවකාශයක් එය නිරන්තරයෙන් අත්පත් කර ගනිමින් සිටී. දල ලෙසට සැලකීමේදී සෑම දෑ වසරකටම වරක් මෙම විෂයේ හැකියා වපසරිය දෙගුන කරගනිමින් මිනිස් විෂයක් ලබා ගන්නා උපරිම වේගයක් ඔස්සේ ඉදිරියට ඇදෙමින් සිටින මෙම අපූර්ව තාක්ශන විෂය අද මනසක ඇ‍ඳෙන සිහිනය හෙට අත්පත්කර දෙන්නට නොපැකිල වන ජවයකින් යුත්ත බවට නිරන්තරයෙන් ඔප්පු කරමින් සිටී. එවන් අපූර්ව විෂයක පිලිබදව සාම්ප්‍රධායික ආකාරයක අත්පොත් බලාපොරොත්තු වීමද විසුලු සහගත අවශ්‍යතාවයක් වනු ඇත.
බරපතල ලෙස විශාල ශාලාවක් වසා සිටිනා උපකරනයක්ව ඇරබි තම පරිනාමය අද අතැගිලි අතරට පමනක් නොව උපැස්යුවලකටද සංයුත්තව එන්නට තරම් වෙගවත් වර්ධනයක් හිමී කර ගන්නට මෙම විෂයට ගතව ගොස් ඇත්තේ දශක කිහිපයක් බව නොරහසකි. හෙට දිනයේ වඩ වඩාත් දෛනික ජීවිතය තුල ගිලී යන , සැගවයමින් භාවිතාකරන්නා ගේ ජිවීතය වඩා වර්ණවත් කරන්නට සපත වෙමින් ඇති මෙම පරිගණ හැකියාව එලබෙන දශකය වන විට තව දුරටත් වෙනම හඳුනා ගන්නා උපකරනය වනවා වඩා හැකියාවක් පමනක් වෙමින් දෛනික ජීවිතය වටා ඇති උපාංග තුල සැගවන්නට සූදානම් බව දීනෙන් දින හදාරන්නන් පැකැදිලි කරමින් සිටී.
ඉතා සරල පදනමකින් ඇරබෙන මුත් මිනිස් මනසකට සාපේක්ෂව අපූර්ව වේගයක් හා නිවැරදි බවක් ගෙන එන මෙම විෂය ගනිතමය හා තාර්කික හැකියා වේ දිගුවක් නැතිනම් මිනිස් මනසේ එම හැකියාවන්ගේ දිගුවක් ලෙසට පිලිගැනේ. සාමාන්‍ය භවිතයට පැමිනීමේදී යතුරු පුවරුවක් , තිරයක් , මවුසයක් වැනි උපාංග ඔස්සේ මිනිසා සමග ගනු දෙනු කිරීමට සීමාව තිබූ මෙම උපකරනය අදවන විට සිරුරේ අංගයන් චලනය , මිනිස් කටහඬ වැනි වඩාත් සංවෙඳී අංග ඔස්සේ සම්බන්ද වීමට සූදානමින් සිටින අතර එලබෙන යුගයේදී මිනිස් මනසක් සමග ගනුදෙනු කරන්නට හැකි විෂයක් දක්වා වර්ධනය වනු ඇති බව හදාරන්නන්ගේ මතයයි.
විටක මෘදුකාංග ලෙසට විටක දෘඩාංග පමනක් නොව අන්තර්ජාල සේවාවන් ලෙසට වැනි බොහෝ අංගයන් ඔස්සේ දෛනිකව වර්ධනය වන මෙම විෂය අදවන විට ලොකයේ දේශපාලනික , ඈථික , සංස්කෘතික වැනි තීරනත්මක සීමාවන් කරාද නව අර්ථ ඉල්ලා සිටින්න්නට තරම් වර්ධනය වී ඇති ආකාරය දැකිය හැකිය. සාම්ප්‍රධායික මිනිස් සබදතාවල සිට , ගනුදෙනු , නිෂ්පාදන වැනි නෙන සාමජ අර්ථයන් සදහා නව රටාවක් යෝජනා කරන එය හෙට දිනයේ වඩාත් විවෘත , නිදහස් මිනිස් සාමාජයක් සදහා ආරාධනා කරමින් සිටී.
මිනිසුන්ගේ සංස්කෘතික කථාන්දරයේ එක් කියවීමක් තොරතුරු කලාමනාකරනය පිලිබදව අත්පත් කර ගත් ප්‍රගතිය ලෙසට හඳුනා ගත හැක. තොරතුරු හඳුනා ගැනීම ඒවා මතක තබා ගැනීම අවශ්‍ය විටකදී වඩාත් වටිනා තොරතුරු වලට ඒවා නැවත සකස් කර ගැනීම මෙන්ම විවිධ ස්වරූප වලින් ඒවා නැවත ලබා ගැනීම මෙන්ම අවශය විටකදී දුරබැහැරකට පවා සංනිවේදනයට හැකිවීම එම ප්‍රගතීන් ලෙස වඩාත් පැහැදිලි කර ගත හැක. මිනිස් ප්‍රගති කථාන්දරයේ වැදගත් මෙම ක්‍රියාදාමයට පැමිනෙන යාන්ත්‍රික වීම නැතිනම් පැමිනෙන තාක්ශනික මැදිහත්වීම “තොරතුරු තාක්ශනය ” ලෙසට නම් කෙරේ.
මූල ද්‍රව්‍යයක වන පාලනය කල හැකි සරල ද්විතීක බව ඔස්සේ වර නගා ගන්නා විෂයක් ඔස්සේ ගොඩ නැගෙන ට්‍රාන්සිස්ටරය ප්‍රමුකව ඉදිවන මෙම තාක්ශනය වර්තමානයේ උපාංගයක් ලෙසට මෙන්ම භාවිතාවක් ලෙසටද මහත් සංකීර්න බවක් ලබා ගෙන ඇත. ආරම්භයේදී විශාල ගොඩ නැගිල්ලක් තරම් වෙමින් යාන්ත්‍රික සැකසුම් සදහා ඇතුලත ඇවිද යමින් මෙහෙයවුනු එම යාන්ත්‍රික පරිගණකය අද වන විට උපැස් යුවලකට , අත් ඔරලෝසුවකට නැතිනම් තවත් විටක පාවහන් යුවලකට සංයුක්තව පැමිනෙන්නට තරම් හැකිව ඇත. ආරම්භයේ ඉතා ආයාසයෙන් සකසන කරන වැඩසටහන් ගත කිරීම් සදහා ලබා දෙන දත්ත සැකසීමකට සීමා වූ එම හැකියාව අද වන විට මිනිසාගේ පෞද්ගලික ජීවිතය, විනෝද ජීවිතය, සමාජ ජීවිතය පමනක් නොව වෘතීය ජීවිතය ලෙසටවන වන සියලුම ජීවිත පැතිකඩ ඔස්සේ මග හැරිය නොහැකි තරමේ වැදගත් මැදිහත් වීමක් ගෙනෙන තීරනාත්මක භාවිතාවක්වී අවසන්ය. එපමනකුදු නොව අද වන විට ස්වංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් නිවසක කාර්යාලයක මූලික අවශ්‍යතා පාලනය සදහා එම උපාංග සමග මිනිස් මැදිහත්වීමකින් තොරව තොරතුරු හුවමාරු කර ගනිමින් සිටින පද්ධතියක් දක්වා දියුනු වෙමින් ඇත. මාවතක දිවෙන රථයක් වෙතට පැමිනෙන මෙම විෂය රියදුරෙකු රහිතව ධාවනය වන රථයක් නිර්මානය කරදෙන්නට සමත්ව ඇත.
අප ජීවිතය අවට වන අවට වන බොහෝ උපාංග හා මතුපිටවන් මතට පැමිනෙන මෙම හැකියාව එවාට “ස්මාර්ට්” නමින් නවීකරනයක් ලබා දෙමින් ඒවායින් මිනිසා වෙතට ගෙනෙනු ලබූ මුල් පහසුව දත්ත කරනය සමග වඩාත් කාර්යක්ශම කරදි ඇත. මුදල් භාවිතය කඩදාසි හා ලෝහ සංකේත වෙනුවට “e” කරනය කරමින් දේශශීමා රහිත විශ්ව තලයක සිදුවන භාවිතාවක් බවට ගෙනැවිත් ඇත. කාර්යාල මෙන්ම පෞද්ගලික භාවිතාවේ තිබූ දිනකට ටොන් ගනනක කඩදාසි භාවිතාව අවසන් කරමින් දිනාපතා පුවත් පතක සිට නිමවෙන පොත් පතක් දක්වා දෑ “e” කරනය කරන්නට මැදහත්ව සිටී. වෙළඳ පොල වෙතට එහි බල පෑම අසීමිතය. අනවශ්‍ය අතර මැදියන් ඔස්සේ අවසාන පාරිභෝගිකයා වෙතට වන බර පැටවීම් විශාල ප්‍රතිශතයකින් අවමකර දමන්නට අන්තර්ජාලය නමින් වන මැදිහත් වීම සමත්ව ඇත. දියුනු රටකදී ගොවිපලක නිෂ්පාදනය ඉදිරි කන්න කිහිපයක් සදහා සැලසුම් වන්නේ තොරතුරු තාක්ශනය හරහා පැමිනෙන අනාගත කාලගුන අනාවැකි වල මෙන්ම අනෙකුත් ගොවි මහතුන්ගේ ඉදිරි සැලසුම්ද අනූවය. වෙළඳ පොල අවශ්‍යතාවය සමග මනාව කලමනාකරනය වෙමින් සමබර නිෂ්පාදනයක් ඔස්සේ සැලසුම් වන්නට මෙම තාක්ශනය ඔවුනට ගෙනැවිත් අත්තේ මහත් පහසුවකි.
තම සංස්කෘතික ගමන් මගේ මිනිසා අත්පත් කරගත් අපූර්ව හැකියාවන් අතර වඩාත් දිදුලන හැකියාවක් ලෙසට පිලිගැනෙන මෙම හමුවීම මිනිසෙකුගේ උදෑසන අවදියේ සිට රාත්‍රියේ නින්ද දක්වා වන හැම නිමේශයක් සදහාම සුව පහසුවක් කාර්යක්ශමතාවයක් ‍රැගෙන විත් ඇත. සිරුරේ නිරෝගීකම පිලිබදව එය අවදිමත්ය , නිවසේ ආරක්ශාවේ සිට හෙට දවසේ කාලසටහන වඩාත් කාර්යක්ශම හා හිතකර ආකාරය ට පවත්වාගෙන යන්නට සහය වන්නට තරම් එය අවදිමත්ය, සමස්තයක් ලෙසට පවසන්නේනම් ඔබ යන එන , කන බොන , කියන කරන, හිතන පතන සියලු දැ සමග වෙමින් මතක් කර දෙන්නට, මග පෙන්වන්නට , තොරතුරු සොයා දෙන්නට හැකිව සූදානම්ව පැමිනෙන සහකරුවෙකු වන්නට එය මේ වන විට සමත්ය.

Pubudu Siriwansa