ඔබගේ කාර්යාලයේ හෝ නිවසේ වන Wi-Fi ජාලය මහත් පහසුවක් බව නොරහසකි. එසේම මෙම පහසු නම්ය බවම නියමාකාරයෙන් භාවිත නොකලහොත් පහසු ගොදුරක්ද විය හැක. ඔබගේ රවුටරය මාසිකව හෝ දෛනිකව ගෙනෙන දත්ත ප්‍රමානය අවභාවිතා වීමේ සිට ඔබගේ භාවිතාවේ තොරතුරු සොරකම් කරන්නට පමනක් නොව ඔබගේ රවුටරයේ අනන්‍යතාවය පැහැර ගෙන බාහිර අපරාධ වලට යොදා ගැනීම දක්වා එය සංකීර්ණ විය හැක. මෙසේ WIFI routers සදහා ආරක්ශිත වීමට ලැබෙන පලමු තම උපදෙස වන්නේ එය සමග එන default credentials වෙනස් කිරීමේ වගකීමයි. එනම් බොහෝ විට එම උපකරණයේ අසුරනයේ හෝ උපකරනයේ පසුපස සටහන්ව එන යුසර් නාමය හා අවසර පදය වෙනස් කරන්නට කටයුතු කිරීමය. මේවා Default username / password ලෙසට පහසුවෙන් හඳුනාගත හැක. ඔබගේ සහයට එන technician වරුන් අදාල පරිසරයෙන් ඉවත්වනවාත් සමග මේවා වෙනස් කරන ලෙසට උපදෙස් ලැබෙන්නේ ඔවුට මෙම දත්ත පහසුවෙන් අවධානයට ලක් වන බැවිනි.මෙම වෙනස් කිරීම් වඩාත් පෞද්ගලික බවකින් යුතු ඒවා වීම ඔබට වැඩි ආරක්ශාවක් දෙනු ඇත. වැඩි දුරටත් රවුටරයේ නාමය පවා වෙනෙකෙකුට උපකල්පනයට අපහසු එකකට සැකසීම වැදගත් වනු ඇත, ඔබ භාවිතා නොකරන්නේ නම් රවුටරය සමග වන remote access හැකියාව අක්‍රිය කරන්නට කටයුතු කිරීම ඉතා වැදගත් විය හැක.
ඔබගේ රවුටරයේ access තවකෙකුට ලබා දීම හා එසේ කල බව අමතකව යෑම බහුල දුර්වල අවස්ථාවකි. ඔබගේ අසල්වැසියෙකුට WIFI password ලබා දීම නොකල යුත්තක් බවට බහුලව උපදෙස් ලැබෙන්නේ එනිසාවෙනි. අවශ්‍යම අවස්ථාවක මෙසේ access ලබා දුන හොත් ඉක්මනින් අවසර පදය වෙනස් කරන්නට ඔබට අමතක විය නොහැකි වගකීමකි. තවත් අතකින් ඔබගේ රවුටරයට සම්බඳ වන mobiles, computers, tablets, televisions, smartwatches වැනි උපකරණ පිලිබඳව සංක්‍යාත්මකව හා නාමිකව අවධානයෙන් සිටීම ආගන්තුක පිවිසුමක් වීනම් හඳුනා ගන්නට පහසුවකි. බොහෝ විට රවුටරයට සංයුත්තව එන Firewall එක සංක්‍රියව තබන්නට ඔබ අමතක නොකල යුත්තකි.අවසාන ලෙසට රවුටරයේ firmware හොඳින් යාවත්කාලීනව තබා ගැනීමේ වැදගත් කම අමතක නොකිරීම ඉත වැදගත්ය.
Pubudu Siriwansa