හදාරන්නන් පවසන්නෙ ඔබට antivirus නැතිනම් malware protection apps එකක් අවශ්‍යම නොවන බවයි. අද වන විට බහුල භාවිතාවන් වන Windows මෙන්ම Android නවතම සංස්කරන සමග ආරක්ශිත බව සංයුත්තව එවන්නට ඔවුන් කටයුතු කරමින් සිටිනවා පමනක් නොව භාවිතාකරන්නෙකුට අවශ්‍ය වන මෙහෙයුම් පද්ධතියෙන් ඔබ්බට වන කාරනා සදහා අවශ්‍ය අමතර Apps සදහා ඔවුන්ගේම Apps Stores පවත්වා ගෙන යාමටත් ඒවා සදහා ප්‍රමිතීන් පවත්වා ගෙන යමින් හොඳ මට්ටමක තබා ගන්නටත් කටයුතු කරනු දැකිය හැකියි.කලාතුරකින් මේවා අතරද ගැටලු පැමිනුනද භාවිතා කරන්නන් අවශ්‍ය App එකක් බාගත කරගන්නට පෙර ඒවා පිලිබඳව වන Reviews පිලිබඳව අවධානය යොමුකිරිම අමතර ආරක්ශිත පියවරක් වනු ඇති. ඔබගේ උපකරනයේ වන මෙහෙයුම් පද්ධතිය සදහා අදාල ආයතනයන් නිකුත් කර ඇති අවසාන Update ඒක දක්වාම යාවත්කාලීන කර තබා ගැනීමත්, අමතර ධාවනය වන Apps සදහා ද නිකුත්කර ඇති අවසාන යාවත්කාලීනය දක්වා ලබා ගෙන තිබීමත්, භාවිතානොකරන Apps අස්ථාපනයට කටයුතු කිරීමත්, අදාල Stores වලින් හැරෙන්නට බාහිර මූලාංශ්‍ර ඔස්සේ එන මෘදුකාංග කොටස් ස්ථාපනයෙන් වැලකී සිටීමත් වැදගත් වනු ඇති.
දෙවන තලයේදී සැලකිය යුතු කාරනා අතර Email හෝ Text ආකාරවලට පැමිනෙන Link සංක්‍රිය කිරීමත් ඒවා ගෙනෙන බාගතකිරීම් මග හරින්නට කටයුතු කිරීමත් වැදගත් වනු ඇත. එවැනි අවිස්වාශ බැදියාවන් ඔස්සේ ඉදිරියට යාම මෙන්ම සංවර්ධකයන් විසින් නියමිතව යාවත්කාලීන නොකරන ර්මෘදුකාංග කොටස්ද හානිකරයන් ලෙසට ක්‍රියාත්මක වීම බහුලව දැකිය හැකිය.
Pubudu Siriwansa