තොරතුරු ලේයරය මිනිස් ආකෘතිය පුලුල්ව සංශෝදනය කර ඇත. එය ඔහුගේ සංවේදන හැකියාවේ සිට සංනිවේදන හැකියාව දක්වා සමස්තය අනන්තය දක්වා විහිදෙන්නට සූදානම් වෙමින් සිටී.
Blockchain – එක් අයෙක් පමනක් සියල්ලෝම දන්නා මිනිස් ආකෘතිඅට වඩා සියල්ලෝම සියල්ලන්ම දන්නා මිනිස් ආකෘතිය වඩාත් අපූරු හා ලිහිල් එකක් වනු ඇත. එය සමස්ථ සමාජයටම නව අර්ත රාටාවක් යෝජනා කරමින් සීටී.
ආරෂිත සයිබර් අවකාශය වැදගත් වන්නේ හුඳු විනෝදය ඉක්මවන භාවිතාවකට අද වන විට අපට අනිවාර්ය පිවිසීමක් සිදුවන්නට අවශ්‍යම වන නිසාය. උපකරණයේ භෞතික ආරක්ෂාවේ සිට භාවිත ආරක්ෂාව දක්වා පුළුල් වපසරියක් මෙහි වේ. දෛනිකව අළුත් වන නවතම හානිකර උපංක්‍රම වලසිට ආරෂිත උපංක්‍රම දක්වා පුලුල් වප සරියක කරුනු කාරනා මෙම වැඩ සටහනේදී සාකච්ඡා කරන්නට සූදනම්ය. “ආරක්ෂිත වෙබ් සැරිය” වැඩ සටහන පිලිබඳ තොරතුරු 0706006404 ඔස්සේ ලබා ගත හැක.
අප මිහිමත අධිපත්‍ය කාබනික ගොනුවකින් සිලිකන් ගොනුවකට හුවමාරුවන දෙස බලාසිටින්නෝ වෙමු.
We are looking at the transition from an organic file to a silicon file that dominates the earth.
Pubudu Siriwansa
පරිගණකය ජීවිතය අවටින් අතුරුදහන් වෙමින් ඇත. “පරිගණක බව” ජීවිතය අවට වසා ගනිමින් ඇත. නිවසේ දොර සීණුවේ සිට ස්මාර්ට් නිවස දක්වා පෞද්ගලික භාවිතයේ සිට සමස්ත රටක පරිපාලණය දක්වා වපසරියක් එය අත්පත්කර ගනිමින් සිටී. එක් අතකින් එය වඩාත් සරල වෙමින් ඇත. තවත් අතකින් එය වඩාත් ජීවිත පාලණය කරන්නක් වෙමින් සිටී. පරිගණකය වෙබ් අඩවියේ අරමුණ වන්නේ මේ පැමිනෙන සංකීර්න යුගයේ දී සිදුවන පෙරලිය තාක්ෂණිකව පමනක් නොව දේශපාලණිකව හා ආර්ථික අර්ථවලින්ද විමසා බලන්නය. විශේෂයෙන් කිව යුත්ත නම් එය සාම්ප්‍රධායික දේශපාලණය හෝ සාම්ප්‍රධායික ආර්ථික අර්ථනම් නොවන්නට නියමිත බවයි.
The computer is disappearing from the surroundings of life. Computerization is enveloping life.From home doorbell to smart home, from personal use to the administration of an entire country, it is occupying a wide range.On the one hand, it’s getting simpler. On the other hand, it is becoming more life-regulating. The aim of pariganakaya.com website is to examine the upheaval in this coming complex age not only in technical but also in political and economic terms.In particular, it should not be in the traditional political or traditional economic sense.
ඇත්තටම metaverse කියන්නේ මෙතෙක් කල් Text එකක් නැතිනම් image එකක් ලෙසට තොරතුරු අවකාශයේ සිටි ඔබ ක්‍රියාන්විතයක් බවට පත් කිරීමයි. මේ පියවර සමග ඔබට සිදුවන දේ තමයි, තවදුරටත් ඔබ සහ අන්තර්ජාලය මත ඔබගේ අනන්‍යතාවය සමග වූ පරතරය තවත් පියවරකින් කුඩා වීම. සමහර විටක තත්වය මෙසේ හන්දුන්වන්නට පුලුවන් ” අන්තර්ජාලය මත ඔබේ අනන්‍යතාවය වෙනුවට අන්තර්ජාලය මත ඔබේ භූමිකාව වගේ අර්ථයකින්. තවත් විදිහකට පවසන්නේ නම් අන්තර්ජාලය මත ඔබගේ අනන්‍යතාවය නාම පදයක සිට ක්‍රියා පදයකට පරිවර්ථනය වීම මෙ අනව යුගයේ ස්වභාවය වෙනවා.
– Pubudu Siriwansa
මිනිස් හිසට උඩින් වන මේ වලාකුළු වලින් ඔබ්බට වන අපමන අවකාශය තරම් මිනිස් පරිකල්පනය අවධිකල යමක් මිනිස් කථාන්දරය තුල නැතුවා විය යුතුය. අනාගතයේ යම් දිනක ඔවුන් මේ පොලවට වන බැදීම් ඉක්මවමින් ඉගිලී යන්නට සමත් වනු ඇත. ඒ මිනිස් පරිකල්පනයෙන් ඔබ්බට වන ගමන බොහෝ මිනිස් ස්වභාවයන්ගෙන් සමුගැනීමක් වනු ඇත. මිනිස් මනසකට හමුවන විසිතුරුම අත්දැකීම එය වනු ඇත.
Pubudu Siriwansa
ඔනෑම ආයතන ආකෘතියක් දෙයාකාරයකට Digital කරනය විය හැක. පැරණි අකාරයේදී පැවතුන ආකෘතියක් හැකි සෑම ආකාරයටම Digital කරනයට ලක්කිරීම ලෙසට හඳුනා ගත හැක. අනෙක නම් මුල් ස්වභාවයෙන්ම එම ආකෘතිය Digital මිත්‍ර ස්වභාවයෙන් නිර්මාණයව තිබීමය.
Pubudu Siriwansa
සැබෑවනම් පරිගණකය යනු අසීමාන්තිකව ජීවිතය උත්කර්ෂවත් කරන උපාංයක් වීමය. එහි වන ශක්‍යතාවය අවසන් නොවන දිගුවන් ලෙසට ජීවිහය තුලට මෙන්ම සමජය තුලට ගෙන විත් ඇති මෙන්ම ගෙනෙන්නට සූදානම් වන භාවිතාවන් අපමනකි.
Pubudu Siriwansa
අපි මෙහෙම හිතුවොත්. නූතන මිනිසා පෘතුවිය මත වැඩිම සටහන් තබන්නට සමත්වන්නායි. දෙශපාලනික, සංස්කෘතික මෙන්ම ආර්ථික වශයෙන් බොහෝ අලුත් නිර්වචන සමග සමග නෙක ආකාරයේ සටහන් තැබෙන්නට පටන් ගත් කාලයයි. හැබැයි කනගාටුදායකම කාරනය තමයි සංස්කෘතික ඇල්ගෝ එකක පාලනය අත්පත් කරගත් ජීවින් විශේෂයක් ලෙසට කාරනාව එතැනින් නතර නොවීම. ඒ කියන්නේ තවත් කාලයකින් දේශපාලනික, සංස්කෘතික හා ආර්ථික වේදනාව ආරම්භවීම. සරලව කිව්වොත් වැඩියෙන්ම අඩන්න වෙන්නේ සංස්කෘතික මෙන්ම දේශපාලනික අනන්‍යතා මත ජීවිත වටිනාකම් වැඩියෙන්ම තබා ගෙන සිටින්න පුරුදු වූවන්ට. තරංග ආකාර ගලායාමක දී එහි මධ්‍ය රේඛාව වාගේ නැවත නැවතත් භෞතිකය හමුවීම වලක්වන්නට අපට බැරි වෙනවා. පැමිනෙමින් තිබෙන තාක්ෂනික ඇල්ගොරිතම විසින් නිර්මාණය කරන පාලනයට ක්‍රමයෙන් එකගවීම ඒ වගේ කාරනාවක්. සමහර විටක ඔබේ ස්මාර්ට් දුරකතනයේ පලනයට ක්‍රමයෙන් ඔබ නතුවෙමින් තිබීම ගැන අසංවේධී වෙන්නට පුලුවන්. නැත්නම් තෝරා ගැනීමේ අවස්ථාව භාවිතකරමින් ගැලවී සිටිනවාද විය හැකියි. ඒක තාවකාලිකයි. තරමක් විසුළු ආකාරයට කාරනව කිව්වොත් අපේ ආදිතම මුතුන් මිත්තන්ගෙන් කොටසක් අවට ගහ වැලෙන්, සතුන්ගේ සමකින් සිරුර වසා ගන්නට කටයුතු කරන කොට සමහර වැඩි කොටසක්ම කියන්න ඇති මේ මොන විකාරයක්ද කියලා. ඒත් අපි අද දන්නවා වඩාත් සාර්ථක කවුද කියලා.
Pubudu Siriwansa
එය දිගු දැවසැති උනුසුම් ගිම්හානයක් දෙකක් අතර ගෙවී ගිය මිනිස් නිමේෂයන් කිහිපයක් පිලිබද අකුරු කිරීමකි. හුදකලාවෙන් පිරීගිය ගිම්හාන දිනයකදී උයන් කෙරවලකදී ඔවූහු හමුවූහ. ඊලට එලබි ගිම්හනයේදී ඒ උයන් කෙරවලකදීම තාවකාලිකව හෝ ඔහුනට සමුගැනීමකට ලියැවුනු ඉරනමකට යටත්ව ඒ හමුවීම සටහන් වන බව අමතක වූවා සේය. වඩාත් අපූරත්වය වන්නේ මේ සිදුවීම් අතර කාලය ගෙවී ගියේ සාමන්‍ය හුදු මිනිස් ආශාවන් මතින් පමනක් නොවීමය. විටක වඩාත් අපූරු සෞදර්යාත්මක නිමේශයන් පැමිනෙන අතර තවත් විටක තොරතුරු තාක්ෂණ , ජීවවිද්‍යාව වැනි ගෙවී යන යුගයේ වඩාත් අසිරිමත්ව මිනිසුන් වෙතට දැනෙමින් ඇති විෂයන් පිලිබදව හැදෑරුම් සටහන් බවට පත්වෙමින් වීමය.ලොව නෙක ආකාරයේ සාමාජ, සංස්කෘතික දෑ අතරින් ඇවිද යමින් සිටි ඔහු සිත වඩාත් ඇලුනු ආශ්‍රම භූමියකට යාබදව ඇති, ඔහුම එය නම් කරන පරිදි “තරුමිනිසුන්ගේ” විස්මිත සංස්කෘතියක් පිලිබදව තොරතුරු ගොනුවක් ගෙන එලබෙන දෑ වසර නිම වන්නට මත්තෙන් නැවත හමුවන්නට වන පොරොන්දුවක් සමග ඒ සමු ගැනීම සිදුවිය. “ඔබ සැබවින්ම ගිම්හානයකි. පරිසරයෙන් වියුත්තව සීතලෙන් ගුලිව ගිය දිගු ජීවිතකාලයක් අවසන් කරමින් එය පුබුදුවා ලන්නට හැකි සුසරබවක් රැගෙන ආ ඔබ සැබවින්ම ගිම්හානයකි මට” ලෙසට සමහර විටක තම දින සටහනක සටහන් තබන්නට තීර්නය කලේ ඒ තරම්ම ඇය ඔහුට දැනුන නිසා වියයුතුය.
– Pubudu Siriwansa
It is my endeavor to bring the latest events in the world of IT as news and reviews in Sinhala. tech news, tech, new technology, what is technology, technology definition, science and technology, latest technology, tech news, latest technology news, cool tech, technological advances, technology review, new tech, modern technology, definition of technology, define technology, technology articles, gadget news, technology meaning, science technology, computer news, news technology , tech websites