හදාරන්නන් පෙන්වා දෙන්නේ සයිබර් සේවාවල් වලට පමනක් නොව සයිබර් අපරාධ කරුවන්ගේද ආදායම් බිඳ වැටීම සිදුවෙමින් පවතින බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ ගොදුරුවන්නන් ransoms සදහා ගෙවීම් ප්‍රතික්ෂේප කිරීම ඔස්සේ අපරාධකරුවන්ගේ ඉපැයීම්ද 40%කින් පහලට පැමින ඇති බවයි. Cryptocurrency සම්බන්දිත හදාරන්නන් පෙන්වා දෙන්නේ පෙර කාලයේ මෙන් ආසාධිත වන්නන් ගෙවීම් ඔස්සේ තම ගැටළුව විසඳා ගන්නට කැමති නොවීම වසරින් වසර ඉහල යමින් ඇති බවක් පෙන්වන බවයි. ලොවපුරා රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනයන් මෙන්ම පුදගලයන් දෛනිකව ransomware hackers ආක්‍රමන වලට ලක්වන අතර අනවසරව ලබා ගන්නා දත්ත ආපසු ලබා දෙන්නට මෙන්ම ප්‍රසිද්ධ නොකර සිටින්නට බොහෝ විට Bitcoin වැනි ආකාරවලට මුදල් ඉල්ලා සිටින මෙහිදී සිදුවේ. 2020දී ransoms ඉල්ලීම් වලින් 70%ක් ගෙවීම් සදහා ඉදිරිපත් වුවද 2022 වන විට එය 41% දක්වා අඩුව තිබෙන බවක් පෙන්නුම් කරන බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් unique ransomware පහර දීම් 2022 වන විට ඉහල යාමක් මෙන්ම 2022 මුල් භාගයේදී පමනක් malicious software හඳුනා ගැනීම් 10,000 ආසන්නව වාර්ථා වන බවටයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa