තොරතුරු ලෝකය මත පවතින ප්‍රධාන ආකාරයේ ආයතනයන් හෝ සේවාවන් වර්ග දෙකක් වේ. එක් කොටසක් යහපත් හා වගකීමක් ඇති නෛතිකව ක්‍රියාත්මක වන ආයතනයන් වන අතර අනෙක් කොටස නෛතික නොවන අයහපත් අරමුනින් ක්‍රියාත්මක වෙමින් සිටින දෑ වේ. නමුත් තවත් වැදගත් කොටසක් මග හැරෙමින් ඇත. එනම් අවස්ථානුකූලව මේ ස්වරූපයන් අතර දෝලනය වන ඒවාය. ඒවායේදී මූලිකව නෛතික පදනමක් මත ක්‍රියාත්මක වුවද අවස්ථානුකූලව තම ගනුදෙනුකරුවන් හට නියමිත සේවාව නොසපයන පමනක් නොව අපහැදිලි මට්ටමින් සද්භාවයෙන් ක්‍රියා නොකරන අවස්ථා බහුල ආයතනයන් වේ. මේවා අතර වන සමහර මෘදුකාංග ආයතනයන් වේ. ඒවා භාවිතාකරන්නා හට වඩාත් නිවැරදි පරිගනකයක් ක්‍රියාතමකව තබා ගන්නට සහය වන මෘදුකාංග තමන් සපයන බවට නිවේදනය කර තිබුනද භාවිතාවේදී තම වගකීම් පැහැර හැරීම් මෙන්ම තම ගනුදෙනුකරුවා වාංචනිකව ‍රැවටීම් සිදුවන බවට අතීතපුරා විටින් විට තොරතුරු වාර්ථා වී තිබිනි. FTC සහ the state of Florida වෙතින් පැවසෙන්නේ මෙසේ ක්‍රියාත්මක වෙමින් තිබූ ව්‍යාජ මෘදුකාංග හා වාංචනිකව මගහරින සහය සපයන සේවා ආයතනයන් ට එරෙහිව තමන් කටයුතු කරන්නට තීරනය කර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ඩොලර් මිලියන 150කට අධික ප්‍රමානයක් උපයමින් සිටින මෙම ව්‍යාජ ආයතනයන් තාවකාලිකව වසාදමන්නට අවශ්‍ය නෛතික ක්‍රියාවලිය තමන් අරබමින් සිටින බවත් මෙවැනි ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය නීතියේ පාලනයට යටත්ව තබන්නට තමන් ක්‍රියාත්මක වන බවත්ය.