සරලවම සැලකීමේදී මෙහෙයුම් පද්ධතියක කාර්යභාරය වන්නේ එය සංක්‍රියවන පරිගණකයේ අඩංගු සැකසුම් හැකියාව, ගබඩා හැකියාව, මතක හැකියව හා Input / Output හැකියාවන් මනාව කලමනාකරනය කරමින් ආරක්ශිත කරමින් භාවිතාකරන්නා වෙතට වඩාත් පහසු හා ආකර්ෂනීය බවකින් ගෙන ඒම විය යුතුය.ලොව බහුලතම භාවිතාවක් ලබන Windows, Android, Mac. iOS වැනි ඔනෑම මෙහෙයුම් පද්ධතොයකට මේ බව පොදුය. මෙහෙයුම් පද්ධතියට යටින් වන දෘඩාංග තලය ගෙනැවිත් ඇති ශක්‍යතා වඩ වඩාත් මෘදුකාංග මට්ටමින් ත්වරනය කරමින් ඉදිරියට ගෙනෙන්නට තිබෙන කාර්යභාරය මනාව කරවන්නට ඒවා හිමි ප්‍රධාන සමාගම් වල සිට ලොව පුරා විසිර ඇති දස දහසක් පිරිස් දිවා රාතී කටයුතු කරයි.
කලින් කලට වන නව මෙහෙයුම් පද්ධති නිකුතූන් සමහරුන්ට මහත් හිසරදයකි. සමහරුන්ට අනූව ඒවා හුදු වෙළඳ “උප්පරවැට්ටි” පමනය. නමුත් සත්‍ය නම් එයම නොවේ. කලින් කලට මෙම විෂය අත්කරගන්නා දෘඩාංග මට්ටමේ මෙන්ම මෘදුකාංග මට්ටමේ ප්‍රවනතා සදහා පවතින දෘඩාංග මෙන්ම මෘදුකාංග මට්ටම් නොසැහෙන විටදී සරල උස්තල ගැන්වීම් අපහසුවේ. එවිට ඒවා සම්පූර්නයෙන් වෙනස් වන වෙනස්කම් ඉල්ලා සිටියි. මේ බව මෙහෙයුම් පද්ධතියක් නිකුත් කර වසර කිහිපයක් ඒ සදහා සැකසුම් හා නවාංග ගෙනෙමින් පවත්වාගෙන යන්නට එම ආයතනයන් කටයුතු කරන අතර යම් සීමාවකට අනතුරුව මීලග මෙහෙයුම් පද්ධති සංස්කරනයට භාවිතාකරන්නන් හට ආරාධනා කරයි. නමුත් සැබෑව නම් එයට වෙළඳ අරමුනු නැතුවාම නොවන්නේ බවයි.
මෙහෙයුම් පද්ධති සදහා යාවත්කාලීන පැමිනීමේ ප්‍රවනතාවයට හේතුවන ප්‍රධාන සාධක කිහිපයක් විය යුතුය. එනම් මෙහෙයුම් පද්ධතියේ ක්‍රියකාරීතව දියුනු කිරීම, හැකියා වපසරිය දියුනු කිරීම, ආරක්ශිත බව දියුනු කිරීම වැනි දිශා කිහිපයකට බෙදෙයි. උදාහරණයක් ලෙසට windows XP වැනි සංස්කරණයක් සමග Windows 11 වන්නක් ගැලපීමේදී මේවා පිලිබඳව මනා වැටහීමක් ගත හැක. ක්‍රියාකාරීත්වයේ සිට දෘශ්‍ය අපූරත්වය දක්වා බොහෝ වෙනස් කම් ඒවා අතර වේ.
Pubudu Siriwansa