ඔබගේ තොරතුරු නිරාවරනය ඔබගේ පෞද්ගලික කැමැත්තක් වන්නේ අදාල දේශයේ නීති රීතිවලටද යටත්වය. තව කෙකු විසින් ඔබගේ අනවසර තොරතුරු නිරාවරනය තවත් කටයුත්තකි. විශේෂයෙන් ඔබගේ අනුදැණුමෙන් තොරව ඔබගේ තොරතුරු නිරාවරණය තත්වය සංකීර්ණ කරවයි. ඒවා සරල තොරතුරු වුවද, එනම් නම, ලිපිණය, දුරකථන අංකය වැනි ඒවා වුවද ඔබගේ කැමැත්තෙන් නිරාවරණය කරන විට ඒ ඔස්සේ පැමිනිය හැකි අගතීන් සදහා ඔබටම වගකීම දරන්නට සිදුවුවද ඔබගේ කැමැත්තෙන් නොවන විටකදී හා ඒසදහා සාධාරණ පොදු හේතුවක් නොවන විටකදී අදාල නිරාවරණය කල පාර්ශවයට වගකීම දරන්නට බැඳීමක් ඇති වනවා විය යුතුය,
අන්තර්ජාල මතදී තත්වය වඩාත් සංකීර්ණය. සුපුරුදු සියළු මාධ්‍ය වපසරින් ඉක්මවමින් සමස්ථ ලෝකයටම නිරාවරනයක් වීම එහි ස්වභාවයයි. මේ නිසාම, එම නිරාවරණය ඔස්සේ ආපසු පැමිනිය හැකි හානිකර බවද සංකීර්ණ හා විවිධ විය හැක. ඔබේ දෛනික සාමාජයේ සිට, සාම්ප්‍රධායික මාධ්‍ය වපසරිය විය හැකි රට වැනි සීමාවන්ද ඉක්මවන විට ඒවා සදහා ප්‍රතික්ක්‍රියා දැක්විය හැකි හෝ ආරක්ශා විය හැකි බවේ සීමාද දැරිය නොහැකි තරම් ඉහල අගයකට යනු ඇත. මේ නිසාම ඔබ ආරක්ශිත බවක් තුල වුවද අන්තර්ජාලය තුලට මුදා හරින තොරතුරු පිලිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ. ඔබගේ ආරක්ශාවට තීරනාත්මක වේ.
Pubudu Siriwansa