අද වන විට සමස්ත බැංකු පහසුකම් ගොනුවම Digital ආකාරයේ ගොනුවක්ව ඔබගේ ස්මාර්ට් දුරකථනයට app එකක් ලෙසට පැමින අහවරය. එහිදී පැරනිතම සාම්ප්‍රධායික ක්‍රමය වන ඔබගේ බැංකු ශාකාවක් වෙතට පැමිනීමේ සිට පසුකාලීනව පැමිනි ATM යන්ත්‍රය වෙතට පැමිනීම පමනක් නොව බැංකු කාර්ඩ් පතද ‍රැගෙන ආ පහසුකම් සියල්ලම පාහේ සෑහෙන දුරකට සියතට ගන්නට එය සමත්ව ඇත. එම හැකියා වපසරිය තුල නව බංකු ගිණුමක් ආරම්භකිරීමේ සිට, එය නඩත්තු කිරීම, සියලුම ආකාරයේ ගනුදෙනු කිරීම දක්වාම සියල්ල එහි වේ. මුල් කාලයේ සියළුම පාහේ බැංකු Digital ආකාරයේ ගිනුම් නමින් වඩාත් Digital මිත්‍ර ගිණුම් හඳුන්වා දෙමින් කටයුතු කරනු දැකිය හැකි වුවද මේ වන විට සාම්ප්‍රධායික ආකාරයේ සියළුම ගිණුම් සමග මෙම Digital බව සාමාන්‍ය භාවිතාවක්ව පැමින ඇත.
එක් අතකින් අද වන විට සියලුම පාහේ ගනුදෙනු කරුවන්ද තම බැංකු ගිණුම් වලට අදාලව Digital ක්‍රියාකාරකම් ගොනුවූ app හැකියාවකින් තම ස්මාර්ට් දුරකථනය සූදානම් කර ගෙන තිබිම මෙන්ම දෛනික ජීවිත්ය වටා වන බොහෝ වෙළඳ මෙන්ම රාජ්‍ය ආයතනයන් පවා අවශ්‍ය ගනුදෙනු වලදී e අකාරයක් සූදනම්ව තිබීම බහුලව දැකිය හැකිය. මෙම නව ප්‍රවනතා සමග වේගවත් ආරක්ශිත හා පහසු ගනුදෙනු හැකියාවක් පැමින තිබීම පමනක් නොව ඉතා තරගකාරී ලෙස එම බැංකු තම Digital හැකියාවන් වඩ වඩාත් නම්‍ය හා ආකර්ෂනීය ලෙසට ගනුදෙනු කරුවන් වෙතට උත්සාහ කරමින් සිටීම බහුලව දැකිය හැකිය.
බොහෝ විට ගනුදෙනු කරුවන්ගේ ප්‍රධාන අවධානය ලබා දෙන්නට කැමති වන ආරක්ශිත බව තහවුරු කර ගැනීම සදහා OTP හැකියාවේ සිට ස්මාර්ට් දුරකථනයට සංයුත්තව පැමින ඇති Biometrics හැකියාවන් දක්වා තොරා ගැනීම් අවස්ථා වනවා සේම භාවිතාකරන්නන් හැකි හැම විටම එම දත්ත උපාංග දෘඩාංග මට්ටමේ සිට මෘදුකාංග මට්ටම දක්වා යාවත්කාලීනව තබා හැනීමට වගබලා ගැනීම වැදගත් වනු ඇත.
Pubudu Siriwansa