ඔබව හැකි සෑම අයුරින්ම තොරතුරු අංශු බවට පත් කරමින් ඒවා උරා ගැනීම බොහොමයක් තොරතුරු තක්ෂණ ආයතනයෙන්ගේ ප්‍රධාන අරමුනවේ. ඔබ ගැන තොරතුරු වැඩියෙන්ම ‍රැස්වීමට සමත්වීම ඔවුන්ගේ ධනයවේ. ඔබගේ නම, ගම , ලිපිනය වැනි සරළ තොරතුරු වල සිට ඔබගේ මනෝභාවයන් දක්වා සංකීර්ණ තොරතුරු කරවීමක් ඔවුන් කරමින් සිටී. එපමනක් නොවේ ඒවා විඳුලි වේගයෙන් අපමන ආකාරවලට නැවත නැවත සකස් කරමින් ඔබ සදහා මොඩලයන් සකස් කිරීමද දැනටමත් සිදුවෙමින් පවතින අතර ඔබව ඉක්මවන ඔබ නියෝජනය වන වචුවල් මොඩලය හෙට සිට ඔබට මග කියන්නට සූදානම් වනු ඇත.ඔබට වඩා ඔබව දන්නා එය එතැන් සිට ඔබට මග කියනු ඇත.
Pubudu Siriwansa