සයිබර් අවකාශයේදී ඔබ වින්දිතයෙකු වීම දෙයාකාර විය හැක. එක් අතකින් තාක්ෂණිකව ඒවායේම වන දුර්වලතා ඔස්සේ සේම එම තක්ෂණ භාවිතාව තුලදී ඔබ අතින් වන දුර්වලතා මේවාට හේතු විය හැක. පලමු කොටම ඔබගේ තොරතුරු උපාංග ඒ මොහොතට ආසන්නම යාවත්කාලීනය තෙක් යාවත්කාලීනව තබා ගන්නට හැම විටම කටයුතු කල යුතුය. එම යාවත්කාලීන විසින් එක් දෙසකින් ඔබගේ උපකරණයේ ක්‍රියාත්මක වන අදාල මෘදුකාංග වල හඳුනාගෙන ඇති දුර්වලතා පිලිසකර කරන්නට කටයුතු කරනු ඇත. තවත් අතකින් ඒවා එම මෘදුකාංග සදහා වැඩි දියුනු කිරීම් සදහා කටයුතු කරනු ඇත.
අනක් ආකාරය වන්නේ ඔබව නොමග යවමින් නැති නම් රවටමින් හෝ නොදැනුවත්වම ඔබගේ තොරතුරු භාවිතාවෙන් සිදුවිය හැක. පලමු කොටම ඔබේ ජීවිතය අවට වන තොරතුරු ඔබගේ රහස්‍ය අවසර පද ආකාරයට යොද ගැනීම වැනි දුර්වලතා ඔස්සේ සිදුවිය හැක. ඔබගේ උපන්දිනය, දුරකථන අංකය වැනි දේ ඒවා අතර වේ. අනක් අතින් බහුල සරල භාවිතාවන් යොද අගැනීමද අනතුරු දායකය. උදාහරනයක් ලෙසට 123456 වැනි සරල යෙදුම් නොකල යුතුය. ඔබගේ අනන්‍යතාවයේ සුරක්ෂිත බව සදහා සංකීර්න අවසර පදයක අවශ්‍යතාවයට ඔබට එකග වන්නට සිදුවන අතර සමහර ආරක්ශක මෘදුකාංග සමග මෙන්ම කෙ;ලින්ම මේ සදහා සහය වන මෘදුකාංග භාවිතාකල හැක. එසේම එකම අවසර පදය නැවත නැවත යොදා ගැනීම වැනි දුර්වලතා නොකරන්නට ද වග බලා ගත යුතුය.
Pubudu Siriwansa