Google ආයතනය තම Material You පිලිබඳව පවසා සිටියේ 2014දි සිදුවූ I/O වලදීය. Google තම digital products වලදී වඩාත් භාවිතාකරන්නා වෙතට වඩාත් personaliz වන්නට ගත් උත්සාහයක් වන අතර එය Google Pixel phones සමග Android 12 වලදී භාවිතාවට එවන්නට කටයුතු කරන ලදී. ඉන් ඉදිරියට එමින් Google ආයතනය 2018 වන විට තම developers ලා හටද එය භාවිතාවට අවස්ථාව දෙන ලදී. පසුව කල Material Design 2.0 වලදී එම භාවිතාව වඩාත් දියුනු කර තිබිනි. නව shapes, colors, lighting, animations ආකාර රශියක් එය ගෙනෙන ලදී.
YouTube වෙතින්ද නිවේදනය වන්නේ තම Material You redesign සංස්කරනය මේ වන විට නව පෙනුමක් සමග mobile app ආකාරයට මෙන්ම website ආකාරයට භාවිතාකරන්නන් වෙතට මුදා හරිමින් තිබෙන බවකි. ඔවුන් පවසන්නේ thumbnails වල සිට search bar දක්වාම වෙනසක් ගෙනෙන්නට තමන් කටයුතු කර ඇති බවකි. එසේම YouTube වෙතට හඳුන්වාදී ඇති ambient mode වලදී තම web සංස්කරනය තුලදී dynamic color sampling, subtle effect, video player background matches ආදී අංගයන් රාශියකින් සමන්විතව ඇති බවයි. එසේම youtube පවසන්නේ video description, subscribe button ආදියද වෙනස් කරන්නට තමන් කටයුතු කරන බවයි.
Pubudu Siriwansa