Google පවසන්නේ YouTube වල blocking ad හැකියාවක් සංක්‍රියව පවතින විට එය නිෂ්ක්‍රීය කරන්නට භාවිතාකරන්නා හට දැන්වීම හෝ YouTube Premium වෙතට පිවිසෙන්නට යන අවස්තා තොරා ගන්නට භාවිතාකරන්නා හට සිදුවීමට නියමිත බවයි. ලොව ප්‍රධානතම වීඩියෝ අඩංගු වෙබ් අඩවිය You Tube වන අතර දෛනිකව ලොව පුරා අපමන භාවිතාකරන්නන් පිරිසකගේ පැමිනීම ලබා ගන්නා අඩවියක් වේ. ඔවුනගේ ප්‍රධානතම ආදායම වන්නේ මෙම වීඩියෝ අතර ප්‍රචාරය වන දැන්වීම් වන අතර පෙර කී වීඩියෝ නිර්මාණ කරුවන්ටද ඒ ඔස්සේ ආදායමක් ලබන්නට අවස්ථාව ලබා දීම Google වෙතින් සිදුවේ. පෙරකී ad blockers ඔස්සේ මෙම adverts වලට බාදා කිරීම සිදුවන අතර එය එම වෙබ් අවකාශයේ ආදායම වලකන්නට කටයුතු කරයි. කෙසේ වෙතත් Google ආයතනය පවසා ඇත්තේ තවමත් අත්හද අබැලෙන මට්ටමින් මෙම අංගය නිකුත් කරන්නට සූදානම් බවයි.
Pubudu Siriwansa