ANDROID phone භාවිතාකරන්නන් වෙතට අනතුරු අගවමින් පැවසෙන්නේ Todo නම් app එක පිලිබඳව විමසිලිමත්වීම වැදගත් බවයි. මෙය Day Manager ආකාරයේ app එකක් වන අතර එය විසින් Xenomorph නම් banking trojan malware වක් ස්ථාපනයට කටයුතු කරන බවට පැහැදිලි කරමින් සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ Xenomorph නම් banking trojan malware ස්ථාපනය කර ඔබගේ banking apps වල login info සොරකම් කරන්නට පමනක් නොව SMS messages කියවන්නටද කටයුතු කරන බවට පැහැදිලි කර සිටිනවා. ඒ ඔස්සේ bank account වලට පිවිසෙන්නට අවශ්‍ය two-factor verification codes ලබා ගන්නට ඔවුන් කටයුතු කරන බවටයි පැහැදිලි කරන්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ මීට අමතරව එය ව්‍යාජ Google Service application එකක් ඔස්සේ access permission ගෙන device admin එය අස්ථාපනයට පවා අවස්ථාව නොදෙන්නට කටයුතු කරන බවයි. මෙහිදී අවසානයේ භාවිතාකරන්නා හට සිදුවන්නේ factory-reset ඔස්සේ ගැටළුව විසදා ගන්නට විය හැකි බවටද අනතුරු ඇගවෙනවා.
සමස්ථයල් ලෙසට උපදෙස් ලැබෙන්නේ අනවශ්‍ය apps ස්ථාපනයෙන් වැලකි සිටීමත්, ස්ථාපනයට පෙර ඇප් වල අව්‍යාජභාවය ගැන විමසිලිමත් වීමත්, ස්ථාපනයෙන් අනතුරුව apps ඉල්ලා සිටින අවසරයක් ගැන සැලකිලිමත් වීමත් ඉතා වැදගත් බවයි.
Pubudu Siriwansa