Microsoft නිවේදනය කර සිටිනවා එලබෙන වසරේ January 10 වන විට Windows 8.1 සදහා Technical support , Software updates, Security updates / fixes නැතිනම් සමස්ථ සහය අවසන් කරන්නට නියමිත බවයි. ඔවුන් යෝජනා කරන්නේ Windows 11 සදහා සුදානම් දෘඩාංග මට්ටම සපුරාගනිමින් ඒ වෙතට පිවිසීම භාවිතා කරන්නන් හටගත හැකි හොඳම තීර්නය බවයි. Windows 11 ගැන පවසන ඔවුන් පෙන්වා දෙන්නේ end-to-end security එනම් antivirus, firewall, internet protections ඇතුළු හැම අතින්ම ආරක්ශිත මෙන්ම හොඳින් සූදානම් මෙහෙයුම් පද්ධතියක් බවයි. මේ අතර Windows 10 වලින් Windows 11 වෙතට පැමිනීම 15% තරම් අඩු අගයක පවතින බවටයි ගනනය වන්නේ.
Pubudu Siriwansa