Windows 12 ගැන අවධානය ක්‍රමයෙන් දැඩි වෙමින් ඇත. Microsoft සමාගම තම මීලග මෙහෙයුම් පද්ධති නිකුතුව ගැන නිල ප්‍රකාශයක් නොකලද මේ වන විට ලොව පුරා නෙක හදාරන්නන් තොරතුරු වාර්ථාකරමින් සිටිනු පෙනේ. Windows 12 කෙබඳු වේද යන්නට කෙටියෙන් දැනට විත එති තොරතුරු හෙලි කරන්නේ එය 2024 වන විට නිකුතුවට සූදානම් වනු ඇති බවයි. එනම් සාමාන්‍ය පිලිවලට තෙවසරකට පසු එනම් Windows 11 වලින් තෙවසරකට පසු එම පැමිනීම සිදුවෙනු ඇති බවයි. එසේම බොහෝ විට Windows 12 වල පෙර බීටා සංස්කරණයක් 2023 මාර්තු වන විට නිකුතුවට සූදානම් ද වනු ඇති බවයි. නව user interface එකක්, floating taskbar වලට සංයුත්තවන status bar එකක්, මෙහෙයුම් පද්ධතියට වඩාත් ගැබුරින් වන AI Integration බවක් මෙන්ම වඩාත් දියුනු කල Windows Explorer / Notepad හැකියාවක් පිලිබන්දව මේ වන විටත් හදාරන්නන්ගේ අවධානයට ලක්වෙමින් තිබෙනවා. SYSTEM REQUIREMENTS වල මද චලනයක් පමනක් සමග Android සමග වැඩි මිත්‍ර බවක්ද හදාරන්නන් windows 12 සමග බලාපොරොත්තු වෙමින් සිටිනවා.
Pubudu Siriwansa