Microsoft ආයතනය නැවත සුපුරුදු තෙවසර මෙහෙයුම් පද්ධති නිකුතු රටාවකට පිවිස ඇති බවටයි පසුගිය දිනවලදී හදාරන්නන් පෙන්වා දෙමින් සිටියේ. ඒ අනූව Windows 12 පිලිබඳවද නිළ නොවන නෙක තොරතුරු පලවෙමින් තිබුනා. Intel වෙතින්ද නොනිළ නිකුතුවක මෙමනව මෙහෙයුම් පද්ධතිය පිලිබඳව තොරතුරු හෙලිවූ මුත් ඒ පිලිබඳව නිහඬ වීමක් දක්නට ලැබුනි. Microsoft සමාගම මේ වන විටත් Windows 11 වෙතට AI සංයුත්ත කරන්නට කටයුතු කරමින් සිටින අතර එහි අත්හදා බැලීම් සිදුවෙමින් තිබෙන බවටයි තොරතුරු හෙලි වන්නේ.Windows 12 වලදී Intel, AMD, Qualcomm වැනි සමාගම් සමග ලගින් කටයුතු කරමින් AI හැකියාව දෘඩාංග මට්ටමින්ම තම මෙහෙයුම් පද්ධතියටසංයුත්ත කරන්නට කටයුතු කරමින් සිටින අතර සාම්ප්‍රධායික දියුනු කිරීම් ව්ලින් ඔබ්බට වන නව දිශාවන් රාශියකින් සමන්විතව Windows 12 පැමිනීමක් හදාරන්නන් බලාපොරොත්තුවෙමින් සිටිනවා. නිළ නොවන තොරතුරු වලට අනූව 2024 දෙවන භාගයේ නව මෙහෙයුම් පද්ධතියේ පැමිනීමක් මේ වන විට බලාපොරොත්තු වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa