Windows 11 යනු Microsoft මෙහෙයුම් පද්ධති නිකුතූන් අතරින් කැපී පෙනෙන වෙනසක් සටහන් කරමින් සිටින බව අවවාදිතය. එහි පෙනුම, ක්‍රියාකාරීත්වය මෙන්ම ආරක්ෂාව යන හැම අතින්ම වෙනසක් ගෙනැවිත් ඇති බවට පිලිගැනීමයි. ආරම්භයේ සිටම දෘඩාංග මට්ටමේ සිටම ආරක්ශිත බව තහවුරු කරගන්නට එයට අවශ්‍යවූ අතර වඩ වඩාත් භාවිතා කරන්නන් අතරින් යවමින් වඩාත් නම්‍ය හැඩයකට මෙහෙයුම් පද්ධතිය සුසර කර ගන්නට ඔවුන් කටයුතු කරමින් සිටී. හදාරන්නන් පිරිසක් විසින් Windows 11 වලින් භාවිතාකරන්නන් තවදුරටත් බලා පොරොත්තුවන දියුනු ක්‍රීම්, වෙනස් කිරීම් හා නවාංග පිලිබඳව විමසීමකට කටයුතු කර ඇති අතර පහත දැක්වෙන අදහස් වලට වැඩි පිලිගැනීමක්, එකගවීම එහි වූ බවට ඔවුන් වාර්ථා කර තිබිනි. ඒවා අතර light / dark mode අතර වෙනස් වීම සදහා ස්වංක්‍රීය බවක් ඉල්ලා සිටීම බොහෝ දෙනාගේ කැමැත්තක්ව තිබෙන බව වාර්ථාවන අතර පැරණි Control Panel එක හා Settings app අතර Merge වීමක් බලාපොරොත්තුවීම ද බහුල කැමැත්තක් පලවූ අදහසක්ව තිබිනි. එසේම cumulative updates වලට changelogs නැතිනම් අදාල යාවත්කාලීන පිලිබඳව තොරතුරු මුසුකර තිබීමත් වැදගත් බවට යෝජනා වන අතර එකවර settings කිහිපයක් විවෘතකර තබා ගැනීමේ හැකියාවත් default apps සදහා පැරණි default apps settings section එකද ඉල්ලා සිටින්නට තවත් පිරිසක් කැමතිව තිබෙන බව පෙන්වා දී තිබේ.
Pubudu Siriwansa