මෙවර Build 2023 developers conference වලදී ප්‍රකාශයට පත්වූ දෑ අතර Windows Copilot, නවීන වන Edge browser සහ Bing Search වලට සංයුත්තවන ChatGPT වේ. මේ අතර අවධානයට පත්වන තවත් නිවේදනයක් වූවේ Windows 11 මෙහෙයුම් පද්ධතිය native ආකාරයට ප්‍රධාන archive file types කිහිපයකටම සහය වන්නටසූදානම් බවයි. ඒ අතර RAR. ආකාරයද වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. ලොව පුරා මිලියන ගනනක් වන භාවිතාවක් දිනා ගත් WinRAR ආකාරය එය නිකුතුවෙන් වසර 30කට පසුව ලබා ගත් Windows පිලිගැනීම පිලිබඳව එම ආයතනය තම ප්‍රසාදය පලකර සිටිනවා. මේ අනූව මින් ඉදිරියට Windows 11 සමග archiving files වලදී ඒවා විවෘත කරන්නට මෙන්ම compress කරන්නට අමතර සහයක් අවශ්‍ය නොවුනු ඇත.
Pubudu Siriwansa