Windows මෙහෙයුම් පද්ධතිය ඉලක්ක වන්නේ විශල වපසරියක නෙක දෘඩාංග පරිසරයකටය. මේ නිසාම මෙම මෙහෙයුම් පද්ධතිය සදහා වන monthly updates සදහා ද මෙම ගැටළුව විවෘතය. පසුගියදා ද Microsoft වෙතින් පැවසුනේ මෙම මාසයට අදාල මාසික යාවත්කාලීනයන් සදහාද development bugs හමුවීමක් සිදුවෙමින් තිබෙන බවයි. බොහෝ විට මෙම ගැටළු සදහා එක් විසඳුමක් වන්නේ අදාල යාවත්කාලිනය අස්ථාපනය එනම් uninstall කර දැමීමය මෙම monthly updates ඔස්සේ ඔබගේ Windows මෙහෙයුම් පද්ධතිය safe සහ stable වනවා සේම ගැටළුකාරී වන අවස්ථාවලදී මෙම පියවර වැදගත් වේ. අමතක නොකල යුතු කාරනයක් වන්නේ windows 11 වල සමහර updates එනම් firmware, driver, BIOS බොහෝ විට සරලව ඉවත්කරන්නට ඉඩ නොදුන්නද හා feature updates වැනි යාවත්කාලීන ඉවත්කරන්නට වෙනම tool තිබුනද Windows 11 updates සදහා සරලව windows11 පෙර සංස්කරන සදහා Control Panel ඔස්සේත් නෑත කාලීන සංස්කරන සදහා Settings app ඔස්සේ පහසුකම් සලසා ඇති බවයි. ඔබගේ Windows 11 version දැනගැනීම සදහා Win + R ඔස්සේ ඇතුලුවී winver command එක ඔස්සේ හැකි වනු ඇත.
Windows 11 21H2 (build 22000) සදහා යාවහ්කාලීන ඉවත්කරන්නට Windows Update > Update History ඔස්සේ ගොස් Uninstall updates වලින් අවශ්‍ය update එක ‍තෝරා ඊලගට Uninstall හා Confirm uninstalling කිරීමෙන් හැක. ඔබගේ මෙහෙයුම් පද්ධති සංස්කරනය Windows 11 updates (version 22H2 හෝ නව) වන විටදී Win + I ඔස්සේ පිවිස Settings වලට ගොස් Windows Update > Update History වෙතින් Uninstall updates ‍තෝරා Uninstall ඔස්සේ මෙම අස්ථාපනය කරගන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa