Windows 11 වල මීලග ප්‍රධාන යාවත්කාලීනය Moment 3 Update ලෙසට පෙර නාමයකින් මේ වන විට සූදානම් වෙමින් ඇති බවටයි කරුණු වාර්ථා වෙන්නේ. මෙමමස අගදී හෝ එලබෙන මස මුලදී නිකුත් වෙනු ඇතියි බලාපොරොත්තු වන මෙම සංස්කරණය සමග Taskbar නැතිනම් Notifications වල සිටම ඉහලට දියුනු කිරීම් රාශියක් ගෙනෙනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. හදාරන්නන් පවසන්නේ two-factor authentication codes වැනි දෑ සමග කටයුතු කිරීමේදී single click කොපි හැකියාවක්, Task Manager සමග කටයුතු කිරීමේදී kernel memory dump සමග ගැටළුවක නියම ආකාරය පැහැදිලි කරගන්නට හැකියාවක්, මෙන්ම USB4 Settings Page ඔස්සේ හැසිර වීමට පහසු කරවන සැලසුම් අදී ඇතුලු බොහොමයක් නවාංග පිලිබඳව මේ වන විට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.
Pubuud Siriwansa