Build 2023 conference වල හෙලි වෙමින් ඇති බොහෝ කරුනු අතර කියවෙන එක් තේමාවක් වන්නේ එලබෙන යුගය වඩාත් AI දෙසට වන චලනය ඉතා ප්‍රබල එකක් වන්නට නියමිත බවය. එය හුඳු මෘදුකාංග මට්ටම ඉක්මවමින් දෘඩාංග ලේයරය දක්වාම විගිදෙන බව මේ වන විට පැහැදිලි වෙමින් තිබේ. ප්‍රකට Intel සමාගමද Microsoft සමග එක්වෙමින් පවසා සිටින්නේ Meteor Lake PC processors වල සිටම architecture මට්ටමින්ම AI සදහා වන සූදානම මේ වන ප්‍රකාශයට පත්කරමින් සිටී. Intel පවසන්නේ තම Meteor Lake වලදී AI මිත්‍ර බව CPU / GPU මට්ටමින්ම ගෙනෙන අතර එය personal computing වල තවත් හැරවුම් ලක්ෂයක් වන්නට සූදානම් බවකි. intel වැඩි දුරටත් පවසන්නේ Meteor Lake වලට සංයුත්තව පැමිනෙන neural VPU (Vision Processing Unit) එක ඔබගේ Pc එකෙහි multimedia හැකියාව කිහිප ගුනයකින් උස්තල ගන්නට හැකිවන බවයි.
Pubudu Siriwansa