Microsoft සමාගම තම නවීකරනයන් යටතේ Windows 11 සදහා නිකුත් කර තිබූ Media Player ය Windows 10 users භාවිතාකරන්නන් සදහාද නිකුත් කරන්නට සැලසුම් කරමින් සීටින බවට හෙලිවෙමින් පවතිනවා. November – 2021 සිට එම ආයතනය තම windows 11 භාවිතා කරන්නන් වෙතට පෙර සංස්කරනයක් ලෙසට නවීන හා දියුනු කල අංගයන් කිහිපයක්ද සමග Media Playerය ගෙන ඒම ආරම්භ කල අතර Windows 10 සදහා default music-playing app එක ලෙසට Groove Music ගෙනෙවිත් හිබුනා. Microsoft ආයතනය දැන් Groove Music වෙනුවට Windows Media Player එකක් replace කිරීම ආරම්භ කර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. නව පැමිනීම දැනට Windows 10 Release Preview මට්ටමින් නිකුතුව ඇරබී තිබෙනවා. බොහො විට Windows 10 සදහා Media Player ය Microsoft Store ඔස්සේ පැමිනීම සිදුවනු ඇත.
Pubudu Siriwansa