Microsoft ආයතනය මතක් කර සිටින්නේ තම Windows 10 21H1 සංස්කරණය සදහා end of servicing (EOS) තත්වය December 13, 2022 සිටක්‍රියාත්මක බවයි. ඒ අනූව එදිනින් පසුව මෙම සංස්කරණය සදහා security සහ quality updates නිකුත් නොකරන බවටයි නියමිතව ඇත්තේ. Microsoft ආයතනය තම සිපුරුදු Patch Tuesday යටතේ Windows 11, Windows 10, Windows 7 / 8.1. සංස්කරන සදහා security updates නිකුත් කර තිබෙනවා.
Microsoft ආයතනය Windows 10 භාවිතාකරන්නන් windows 11 වෙතට කැඳවා ගන්නට දැඩි උත්සාහයක යෙදෙන අතර අලුත්ම දත්ත වලට අනූව පැවසෙන්නේ windows 10 වෙතින් windows 11 වෙතට පැමිනීම 15% තරම් අඩුමට්ටමක තවමත් පවතින බවය. බොහෝ විට windows 11 සදහා ඉල්ලා සිටින ඉහල තාක්ෂණික වටපිටාව මේ සදහා හේතුවෙමින් ඇති බවටයි හදාරන්නන්ගේ නිගමනය වන්නේ.
Pubudu Siriwansa