Windows 10 සදහා වන 2022 Update නිකුතුව මේ වන විට අදාල උපාංග සදහා සූදානම් බවට Microsoft වෙතින් නිවේදනය වනවා. Windows 10 (version 2004) වල සිට ඉහලට වන සංස්කරන සදහා අදාල මෙම නිකුතුව 22H2 ලෙසටද නම් වන අතර එයත් සමග productivity හා management අංගයන් කිහිපයක්ම වන බවට ඔවුන් නිවේදනය කරන අතර මෙය “feature update.” ලෙසට සාමාන්‍යයෙන් නම් වන නිකුතූන් ගනයට අදාල වනවා. මෙම Windows 10 2022 යාවත්කාලීනය Home / Professional සංස්කරන සදහා 18 months සහය කාලයක්ද Enterprise / Education editions භාවිතාකරන්නන් සදහා 30 months සහය කාලයක් ලැබෙන්නට නිකමිතව තිබෙනවා. නවතම Windows 10 සංස්කරනය October 14, 2025 දක්වා නිල සහය හිමිවන බවටයි දැනට නිවේදනය කර ඇත්තේ.
Pubudu Siriwansa