Microsoft සමාගම මේ වන විට version 22H2 යාවත්කාලීනය windows 10 සදහා වන අවසාන feature update එක ලෙසට නම් කර අවසන්ය. එනම් Windows 10යනු තව දුරටත් එම ආයතනයේ ප්‍රධාන අවධානයේ ඇති මෙහෙයුම් පද්ධතියක් නොවන බවට ඇගවුමකි. තවදුරටත් එම ආයතනය windows 10 සදහා මාසික යාවත්කාලීන ආරක්ශක පිලිසකර හා කුඩා දියුනු කිරීම් සමග නිකුත් කරන්නට පමනක් කටයුතු කරනු ඇත. ඒ අතර මේ වන විටත් “Windows 12” පිලිබඳව කථා බහද ඇරබී ඇත. බොහෝ විට එය එලබෙන වසරේදී එනු ඇති බවට බලාපොරොත්තුවන අතර Windows 11 තරම් වෙනසක් ‍රැගෙන නො එන්නට මේ වන විටත් එම ආයතනය වෙතට භාවිතාකරන්නන්ගේ බලපෑම් සිදුවෙමින් ඇති බවටයි පැහැදිලි වෙමින් ඇත්තේ. හැදෑරුම් ආයතනයක් පවසන්නේ windows 10 භාවිතාව තවමත් 75%ක ඉහල භාවිතාවක් ලබමින් සිටින බව වන අතර windows 11 තවමත් 20%ක පමන භාවිතාවක තිබෙන බවකි. බොහෝ විට එම ආයතනය තම සුපුරුදු තුන් අවුරුදු නිකුතු රටාව වෙනස් කරන්නට හෝ එම රටාව ගෙනෙන වෙනස් වීමේ ස්වභාවය වෙනස් කරන්නට කාලය පැමින ඇති බවටයි සමහර විචාරක මතය වෙමින් ඇත්ත.
Pubudu Siriwansa