Microsoft විසින් තම Edge 111 stable release නිකුතුවත් සමග Windows 10 සදහාද desktop search bar එක ලබාදී තිබෙනවා. මෙය මීට ප්‍රථම Windows 11 සදහා පමනක් සීමාවී තිබූ අංගයක් වූවා. මේ හැකියාව සංක්‍රිය කර ගන්නට three-dot menu> More Tools > enable ඔස්සේ හැකිවනවා කෙසේ වෙතත් හදාරන්නන් පවසන්නේ තවමත් මෙම හැකියාව තවමත් සියළු භාවිතාකරන්නන් සදහා සංක්‍රිය නොමැති අතර ක්‍රමයෙන් ලොවපුරා භාවිතාකරන්නන් සදහා පැමිනෙනු ඇති බවයි. Microsoft සමාගම මෙම හැකියාව වසරකට පමන පෙර Dev channel ( Windows 11) ඔස්සේ මෙය හඳුන්වා දෙන්නට කටයුතු කල අතර බොහෝ භාවිතා කරන්නන් සදහා hidden මට්ටමක පැවතුන බවටයි වාර්ථා වූවේ. Windows 11 සදහා පැමීන පසුව windows 10 සදහා එක්වන එකම අංගය මෙය නොවන අතර Virtualization-based Security (VBS) අංගයද Windows 10 සදහා පසුගියදා එක්කොට තිබෙනවා.
Pubudu Siriwansa