පසිගිය වසරේදී Google පවසා සිටියේ Windows 10 සහ Windows 11 සමග Google Play games ක්‍රීඩා කරන්නට හැකිවනු ඇති බවයි. මෙම වසර මුලදී එහි beta සංස්කරනයක් Hong Kong, Taiwan, South Korea සහ තවත් රටවල් කිහිපයකට මුදා හරින ලදී. අද Google පවසන්නේ එම beta සංකරනය තවත් රටවල් 8ක් සදහා මුදාහරින්නට කටයුතු කල බවයි. එනම් U.S., Canada, Mexico, Brazil, Indonesia, Philippines, Malaysia,Singapore. යන රටවල් සදහා එම පහසුව විවෘත වනවා. පැහැදිලි කරන්නේ මෙම රටවල් සදහා dedicated webpage එකක් හරහා මෙම software බාගත කර ගැනීමෙන් පසුව තම Windows 10 / Windows 11 PC වලින් 85 Android games ක්‍රීඩා කරන්නට හැකි බවයි.
Microsoft ආයතනය මේ වන විට තම මෙහෙයුම් පද්ධති සදහා Google සමග මෙන්ම Amazon සමගද සහයෝගයෙන් කටයුතු කර අතර ඉදිරියේ මෙම මෙහෙයුම් පද්ධති හා භාවිත පද්ධති අතර සහයෝගයෙන් කටයුතු කරන්නට පෙලබීම භාවිතාකරන්නන් දෙසින් මහත් සහනයක් වනු ඇති බවට හදාරන්නන්ගේ මතය වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa