WHATSAPP යනු ලොව බහුලතම භාවිතාවක්ය. සමහර අයවලුගේ සමස්ථ අන්තර්ජාල භාවිතාවම පාහේ WhatsApp වෙතට උනනයව ඇති තරම් එය ප්‍රබලය. ඒ නිසාම මෙහි භාවිතාව වඩ වඩාත් අපූරු අංග වලින් පොහොසත් කරන්නට එම ආයතනය නිරන්තරයෙන් කටයුතු කරයි. ඊයේ දිනයේ මුද හැරුනු අළුත්ම update එකක් ඔස්සේ WhatsApp වෙතට එක්ව ඇති නවාංග අතර වෙනත් chat එකක් වෙතට සවන් දෙමින් තවත් voice note එකකට සවන් දිමට ඇති හැකියාව වේ. ආයතනය පැහැදිලි කරන්නේ දැන් දීර්ග වෙනත් සවන් දිමක් අතර තුර වෙනත් සංවාදයකට සූදානම්ව තිබීම කිහිප අතකින්ම භාවිතා කරන්නා හට සහයක් වනු ඇති බවයි. නවතම සංකරනය වන version 22.4.75 සමග වන මෙම පහසුව අත්හදා බැලීමේ මට්ටමින් කලක් පැවති දැන් වන විට ස්ථාවර මට්ටමකට දියුනුව සාමාන්‍ය භාවිතාවට සංයුත්ත කර ඇත්තකි. WhatsApp පවසන්නේ මීට අමතරව voice note recording එකක් pause හා resume හැකියාව, message එකක් send කිරීමට පෙර සවන්දීමේ හැකියාව ඇතුලු කිහිපයක්ම වන බවට පැහැදිලි කෙරෙනවා. මීට අමතරව බීට සංස්කරනය සමග වන නවාංග කිහිපයක්ම වනවා. ඒ අතර නව reactions කිහිපයක්ම වනවා.
Pubudu Siriwansa