Western Digital වෙතට සිදුවූ සයිබර් පහර දීම පිලිබඳව මේ වන විට වැඩි දුර තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ අනවසර තෙවන පාර්ශවයක් තම network එක වෙතට පිවිසීමක් කර ඇති බවත් ඔවුන් විසින් කල database පරිහරණය ඔස්සේ තම පාරිභෝගිකයන්ගේ names, billing, shipping addresses, email addresses, telephone numbers ලබා ගෙන ඇති බවත්ය. මීට අමතරව encrypted මට්ටමේ වූ තොරතුරු වන (hashed / salted) passwords, partial credit card numbers ආදියද වන බවත් ආයතනය මේ පිලිබඳව අදාල ගනුදෙනු කරුවන් සමග මේ වන විට දැනුවත් කිරීම් සිදුකරමින් සිටින බවත්ය. එසේම පහර දෙන්නන් විසින් අනතුරු අගවා ඇති code-signing certificate නිරාවරණ හැකියාව පිලිබඳව තමන් හදාරමින් සිටින බවත් ය. මේ වන විට ඔවුන්ගේ My Cloud online storage services මෙන්ම online store ව Down ව ඇති බවත් ඉදිරි දින කිහිපයතුල මේවා online වීමට නියමිතව ඇති බවත්ය.
Pubudu Siriwansa