Twitter වල දෛනික පලකිරීම් සදහා සීමා ගෙනෙමින් සිටින බවට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා.ඒ අනූව individuals / businesses ආකාර වලට දෛනිකව කල හැකි tweets ප්‍රමානය 2400ක් ලෙසටත් දෛනිකව 400 follows සීමාවකටත් යටත් කරන්නට කටයුතු කර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එපමනක් නොව direct messages සදහාද 500 ක සීමා කිරීමක් ගෙනැවිත් ඇති බවට හෙලි වනවා. හදාරන්නන් යෝජනා කරන්නේ මෙම ප්‍රකට social network එක සංක්‍රියව තබා ගන්නට ආයතනය උපරිම කටයුතු කරමින් සිටින බවයි. අවකාශය සදා නවාංග එකතු කිරිම කෙරෙහි අවධානය මෙන්ම දැනට Blue US subscribers සදහා පලකිරීමකට 4,000 දක්වා characters වලට ඉඩ දීමක්ද මේ වනවිට සිදුවෙමින් පවතිනවා.
Pubudu Siriwansa