ක්‍රමයෙන් අප ස්මාර්ට් නිවසකට පැමිනෙමින් සිටින්නෝ වෙමු. ස්මාර්ට් දුරකථනයෙන් ආරම්භ වන එම ගමන අද වන විට නිවසේ ඉදිරි දොර සීනුවේ සිට ස්මාර්ට් බවක් පැමිනිය හැකි සෑම උපාංගයක් ම අත්පත් කර ගනිමින් සිටී. මීලගට ගැටළුව වන්නේ නෙක උපාංග නිෂ්පාදක අනන්‍යතා අතර ගැටලුවයි. Google පවසන්නේ තම Matter නව smart home ප්‍රමිතීන් සමග මෙම ecosystem ගැටළුව විසදෙන්නට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තම Matter-enabled device සමග අනෙකුත් smart home ecosystem උපාංග මෙන්ම ඔබගේ ප්‍රියතම apps එකිනෙක යාවන්නට සූදානම්ව ඇති බවයි.
Samsung ආයතනයද පවසන්නේ තමන්ද Google සමග වඩාත් සමීප smart home භාවිතාවකට සූදානම් බවයි. ඔවුන්ගේ SmartThings සමග Matter වෙතටද නැතිනම් අනෙක් දෙසටද භාවිතා කරන්නන්හට ගැටළුවකින් තොරව භාවිතාවන් ගෙනයන්නට දැන් වුදානම් බවයි.හදාරන්නන් පෙන්වා දෙන්නේ දැනටමත් Google, Samsung, Amazon වැනි උපාංග පරිසරයන් අතර දැනටමත් මෙම එකි නෙකා අතර සහය ගොඩ නැගෙමින් ඇති අතර ඉදිරියේදී අනෙකුතායතනයන්ද තම නිෂ්පාදන සදහා මෙම පොදුප්‍රමිතීන් වලට පිවිසෙනු ඇති බවයි.
Pubudu Siriwansa