ඔබේ PC එක සමග ගනුදෙනුවේදී shut down කිරීම ප්‍රධාන භාවිතාවකි. එසේම මීට සමාන්තරව එන තවත් තොරා ගැනීම් අවස්ථාවන් දෙකක් වේ. එනම් sleep mode වෙතට ගෙන යාම හෝ Hibernate mode වෙතට ගෙන යාම වේ. හදාරන්නන් මේවා ගැන විවිධ අදහස් පලකරමින් සිටී. සරලව ඔවුන් යෝජනා කරන පිලිවල නම් ඉතා කෙටි කාලයක් සදහා ඔබ ඔබගේ පරිගණක යන්ත්‍රයෙන් ඉවත්වන්නේ නම් Sleep mood වෙතට එය ගෙනැවිත් තැබීම වඩාත් උචිත බවයි.එහිදී පරිගණකයේ Ram මතකය මත ඔබ අවසාන වරට පරිගණකය සමග සිටි තත්වය Save වන අතර එය පවත්වාගෙන යාම සදහා කුඩා බලයක් උපංගයේ බැටරියෙන් හෝ ප්‍රධාන බල සැපයුමෙන් බලාපොරොත්තුවේ. ඔබට යම් විටක වැඩිකාලයක් PC එක බලවිරහිත කර තබන්නට අවශ්‍ය මුත් අන්තිම මොහොත වන විට එය තිබූ ආකාරයට නැවත පිවිසෙන්නට අවශ්‍ය නම් දෙවන විසඳුම වන Hibernate mode තොරා ගැනීම වඩාත් සුදුසු බව පවසා සිටී. එහිදී පරිගණකයේ ස්ථාවර මතකයේ නොහොත් hard drive වල එම තොරතුරු තැන්පත් වන අතර සම්පූර්ණයෙන් උපකරනය බල විරහිත කිරීමක් සිදුවේ. එසේමුත් නැවත බල ගැන්වීමේදී පහසුවෙන් ඔබ උපකරණය සමග අවසන් වරට සිටි තත්වයට පහසුවෙන් පැමිනෙන්නට එය ඉඩ සලසයි. අවසානයේ දිගු කලකට පරිගණකය භාවිතාවෙන් ඉවත්ව තැබීමට ඔබගේ අවශ්‍යතාවය වන විට සුදුසුතම ආකාරය එය shout down කර තැබීම බව පැවසිය යුතුය. එහිදී සාමාන්‍ය ආකාරයට මුල සිට පරිගණකයක් පන ගැන්වුමකට එය යනු ඇත.
Pubudu Siriwansa