PayPal වල payment service සදහා සහය දක්වන triangular dongle එකක් Windows හා Windows Phone වල ecosystem වෙතට පැමිනෙන්නට කඩිනමින් සූදානම් වෙමින් සිටින බවට තොරතුරු හෙලි වනවා. දුරකථනය සමග පැමිනෙන 3.5mm ප්‍රමානයේ headphone jack සබදතාවයට ගැලපෙන ආකාරයට නිමව එන මෙම උපාංගයට credit, debit card වල වන magnetic strip කියවීමේ හැකියාව සමග ක්‍රියාත්මක වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. නොමිළේ එන මෙම dongleය හා app මෘදුකාංගය භාවිතයේදී වන ගනුදෙනු වලින් කුඩා ප්‍රතිශතයක් අයකරන්නට නියමිත බවටත් කියවෙනවා. මේ සදහා වන pilot programය එලබෙන වසරේ එනම් January-February 2015 ආරම්භ වනු ඇති බවට දැක්වෙනවා.