අද අප ජීවත් වන්නේ digitized වූ ලෝකයකය. මේ බව දෛනික ගනුදෙනු අවකාශයටද ගෙනැවිත් ඇති වෙනස් කම් බොහෝය. තම දෛනික වෙළඳ පොලෙහි සිට ලෝකයේ නෙක් කෙරවලෙහි වන තැනකින් සමග ගනුදෙනුවකට යාමට සිදුවීම අද වන විට සාමාන්‍ය කාරණයකි. මෙම payments සදහා මැදිහත් වන තොරතුරු තාක්ෂණ යාන්ත්‍රනය payment gateways ලෙසට නම්ව ඇත. මේ සදහා භාවිතාවූ තාක්ෂණයට අනූව භාවිතාකරන්නන් සමහර විට අනුදැණුමෙන් තොරව වුවත් භාවිතාවන එක් බෙදිමක් වන්නේ 2D සහ 3D වේ.
වඩාත් පැහැහිලි වීම සදහා මෙසේ පැවසිය හැක. Payment gateway යනු online transactions සදහා හමුවන gatekeeper ලෙසට හඳුනා ගත හැකි අතර මෙම ක්‍රමවේදය Merchants විසින් accept online payments සදහා යොදා ගනී. මෙහිදී අපට දෘශ්‍ය වන merchants හ customers හැරුනු විට issuing banks හා acquiring banks මේ සදහා මැදිහත්වේ. අනෙකුත් මැදිහත්වන්නා වන Payment Gateway වල කාර්ය භාරය මෙම ගනුදෙනුව සාර්ථකව හා ආරක්ශිත අවසන් කිරීම වන අතර ඒ සදහා භාවිතාවන තාක්ෂණ ක්‍රම වේදයන් 2D Payment Gateway හා 3D Payment Gateway ලෙසට නම් වේ. මෙම පලමු ක්‍රමයේදී අවශ්‍ය වන තොරතුරු වන්නේ credit/debit card number, expiry date, CVV වන අතර මේවා ලබා දීමෙන් තම Online මුදල් ගෙවීම අවසන් කල හැක. නමුත් 3D Payment Gateway වලදී පෙර කි මුදල් ගෙවන්නා තම onlune ගනුදෙනුවකදී අවශ්‍යකල තොරතුරු වලට අමතරව තවත් security ලෙයරයකට මුහුන දෙන්නට සිදුවන අතර බොහෝ විට සිදුවන්නේ තම බැංකුව සමග පෙර එකගකරගෙන ඇති දුරකථන අංකයකට එන One Time Password නැතිනම් OTP එකක් ඔස්සේ දෙවන තහවුරුවක් කර තම මුදල් ගෙවීම වඩාත් ආරක්ෂා කරගැනීමක් ලබා ගැනීමයි.
1999 දී Visa විසින් හඳුන්වාදුන් 3DS protocol නොහොත් පලමු සංස්කරනයේදී බහුල නොවූ ජංගම දුරකථන භාවිතය බාදාවක් වූ අතර එහි ඊලග සංස්කරනය වූ 3DS2 වලදී වැඩි තොරතුරු ප්‍රමානයක් ඔස්සේ real-time හා වඩාත් ආරක්ෂිත බවක් ගනුදෙනුව වෙහට ගෙනෙන්නට සමත්ව ඇත. සරලව පවසන්නේ නම් ඔබේ බැංකු කාඩ්පත භෞතිකව ඉදිරිපත් නොකරන ගනුදෙනුවලදී මෙම අමතර ආරක්ෂක පියවර වන OPT එකක් හරහා එය නැවත තහවුරු කරන්නට සිදුවීම භාවිතට පැමිනීම පමනක් නොව එහිදීව් ඇඩි තොරතුරු ප්‍රමාණයක් ඔස්සේ ඔබගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙහිදී සිදුවේ.
Pubudu Siriwansa