Online ජීවිතය සංකීර්ණ කාරනාවකි. එය අප සිතනවාට වඩා හා අපට සිතාගන්නට හැකි වෙනවාට එහා දුරකට විහිදෙන දෙයකි. හදාරන්නන් පවසන්නේ අප සාමාන්‍ය සමාජ විද්‍යත්මකව හඳුනා ගන්නවාට වඩා වෙනත් ආකෘතියක් බවයි. එනම් ඔබ ඇතුළුවන දේශය එනම් Online අවකාශය පිලිබඳව වන නිර්වචන ගැන නැවත සිතන්නට තීර්නය කිරීම වැදගත් වනු ඇති බවයි.
Online වලදී ඔබ විවර වෙන්නේ අපමන විසල් අවකාශයක් වන්නට ඉඩ ඇත. සමහර විටක එසේ වන්නේ ඔබ විසින්ම ගන්නා උත්සාහයක් නිසා නොවන්නටද ඉඩ ඇත. එවන් උදාහරන අපමන අප දැනටමත් දැන සිටින්නෙමු. එම හදිස්සියේ පැමිනි අවධානය විසින් අවුල් කර දමන ලද ජීවිත පිලිබඳවද බොහෝ කථාන්දර සමහර විටක අවසන් වී ඇත්තේ ජිවිතයෙන් වන්දි ගෙවා බවද අප නොදන්නවාම නොවේ.
හදාරන්නන් යෝජනා කරන්නේ ඔබ පෙර නිගමන කිහිපයක්ම සමග Online අනන්‍යතාවයට පිවිසීම වැදගත් බවයි. පෞද්ගලික මට්ටමින් සැබෑ ජීවිතයට එහා නොයන සබඳතා මට්ටමක් නම් ඉලක්කය ඔබේ දැනටමත් සත්‍ය ලෝකයේදී දන්නා තොරතුරුවලට උඩින් ව්‍යාජ අනන්‍යතාවයක් වෙතට පිවිසීම ඉතා සුදුසු බව හදාරන්නන්ගේ මතයයි. තාවකාලික ඊමේල මෙන්ම සමාජජාලාවලදී අන්වර්ථ නාම වලට ඉඩදී ඇත්තේ මේ බවට සහයක් නිසා වනවා විය යුතුය. එසේම මේ ව්‍යාජ වලට සැගවී හානිකරයක් ලෙසට කටයුතු නොකල යුත්තේ එය ඔබගේ වගකීමක් නිස අමෙන්ම මෙම ආයතනයන් බොහෝ විටම සත්‍ය තොරතුරු හෝ ඉගි පිලිබඳව නිතිය ඉදිරියේ අවශ්‍යවිට නිරාවරනය කරන්නට ද බැඳී සිටින බැවිනි.
Pubudu Siriwansa