Online ආකාරයට ඔබගේ තොරතුරු කිහිපයක් සමහර විට යමක් පිලිබඳව ඔබගේ අදහස් උදහස් කිහිපයක් වැනි නෙක ආකාර වලට තොරතුරු විමසීම් වලට පිවිසීම ඉතාම කලාතුරකින් හෝ සමහර විට පැහැදිලි වැටහීමකින් තොරවම හෝ සිදුවන්නකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙහිවන අනතුරුදායක බව නොසලකා හෑරීම ගැටළුකාරී විය හැකි බවයි. ඔබගේ නම, ලිපිනය, උපන් දිනයේ පටන් නෙක ප්‍රියතාවයන් මතකයන් පිලිබඳව තොරතුරු scammersලා හට මහත් අවස්ථාවක් විය හැකි බවයි. එසේත් නැතිනම් ඔබගේ පෞද්ගලිකත්වයට අනවසර එබී බැලීමකට ආරම්භයක් විය හැකි බවයි. Facebook වැනි අවකාශ වලදී හමුවන Facebook quiz වැනි විනොදශීලී ක්‍රියාකාරකම් ඔස්සේ පවා මේ ආකාරයට ඔබගේ තොරතුරු අත්පත් කරගැනීම සිදුවන බව පවසන හදාරන්නන් පෙන්වා දෙන්නේ සමහර විට මෙම තොරතුරු දැනුවත්ව හෝ නොදැනුවත්වම පවා තවත් තුන්වන පාර්ශවයකට පත්වීම හා ඒ ඔස්සේ අනතුර ඔබවෙත පැමිනීම දුර්ලභම සිදුවීමක් නොවන බවයි. first pet, their mother’s maiden name,නැතිනම් town they grew up in වැනි තොරතුරු පිලිබඳව සැලකිලිමත්වීම වැදගත් වන්නේ එබැවිනි.
Pubudu Siriwansa