Online සිටීමේදී අදෘශ්‍ය වීම නැතිනම් Invisible බව වැදගත් සාධකයකි යන්න වඩ වඩාත් වැදගත් වෙමින් තිබේ. සමහර Online ආකාරයේ සේවා ඔබට ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ වූවද ඔබ නොදැනුවත්වම ඔබගේ දත්ත ප්‍රමාණයක් ‍රැස් කරගන්නා බව මේ වන විට ඉතා පැහැදිලිය. එසේම සමහර රටවල් මේ වන විටත් තම පුරවැසියන්ගේ දත්ත ‍රැස්කරගැනීම මෙන්ම ගබඩාකර ගැනීම මෙන්ම භාවිතය පිලිබඳව නෙක ආකාරයේ සීමාවන් පනවමින් සිටීම දක්නට හැක. VPN මේ සදහා පැහැදිලි විසදුමක් ලෙසට ගැනේ. ඔබගේ WiFi සඹඳතාවයේ සිටම ISP දක්වාම තොරතුරු දෘශ්‍යවීමකින් තොරව මග හැර යන්නට එය සහවේ. හදාරන්නන් යෝජනා කරන්නේ personal information වල රහස්‍ය බව සදහා ඔබේ PC එකේ සිටම privacy සැකසුම් ඉහලින් තබා තැබීමද වදගත් බවයි. මේ සදහා එක පියවරක් වනු වේ Private-browsing mode එක සංක්‍රියව තැබීමය. අද වන විට සෑම බ්‍රවුසරයක් වගේම මෙම සැකසුම් ‍රැගෙන විත් තිබේ. ඔබට ඇත්තේ එය සංක්‍රියව තබා ගැනීමය. අවශ්‍යනම් Brave browser වැනි භාවිතාවක් සමග IP address එක සැගවීම දක්වා සංකීර්න තත්වයකට ඔබට යන්නට හැකිවනු ඇත. තවත් ආකාරයක් වන්නේ Blocking cookiesය. මෙහිදීද උපාංගයේ ඔබගේ භාවිතාවට අදාලව ගබඩා වබ තොරතුරු ප්‍රමානයක් වලකා ලන්නට ඔබට සහය වේ. DNS-over-HTTPS නොහොත් (DoH) තවත් නව privacy feature එකකි. මෙහිදී න්‍යායිකව පවසන ආකාරයට DNS තොරතුරු encryption වීමක් සිදුවනු මුත් බලාපොරොත්තුවන තරම් තොරතුරු මගහැරවා ගැනීමක් සිදු නොවන බව හදාරන්නන්ගේ මතයවේ.
Pubudu Siriwansa