LG පවසන්නේ GeForce NOW නම් NVIDIA වල cloud gaming platform එක LG Smart TV සමග අත්විඳින්නට හැකියාව මේ සතියේ සිට සූදානම් බවයි. මෙම හැකියාව දැනටමත් Windows, macOS, Chrome OS, Android සහ Safari – iOS සමග වන මුත් Smart TV app එකක් ලෙසට පැමිනෙන පලමු අවස්ථාව ලෙසට කියවෙනවා.මෙම ඇප් එක සදහා 2021 LG 4K OLED, QNED Mini LED, හා NanoCell TV ඇතුළු 80 ආසන්න මෝස්තර සදහා සූදානම් බවටයි එම ආයතනය පවසන්නේ. compatible TV සදහා LG Content Store හරහා මෙම App එක බාගත කරගන්නට හැකි අතර නොමිලේ භාවිතාකල හැකි ක්‍රීඩා 35 කට අධිකව එහි වන බවට පැහැදිලි කෙරෙනවා. ඒ සදහා අමතර දෘඩාංග අවශ්‍ය නොවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි දුරටත් පැවසෙන්නේ 1080p resolution හා 60 frames per second යටතේ Rocket League, Destiny 2, Marvel’s Guardians of the Galaxy, සහ Crysis Remastered Trilogy වැනි ක්‍රිඩා වන බවට පවසනවා.
Pubudu Siriwansa